රුසියානු යුක්රේන යුද්ධයට ගිය ශ්‍රී ලාංකිකයන් ගැන දුක හිතෙන කතාවක්

රුසියානු යුක්රේන යුද්ධයේදී කුලී හමුදාවට එක්වූ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු මිය ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන තිබෙනවා.

රුසියාවට ගිය තවත් විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව ද පෙරේදා වාර්තා වී ඇතැයි සඳහන්.

පසුගිය මාර්තු 29 වැනිදායින් පසු ඔවුන්ගෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි ඥාතීන් ප්‍රකාශ කර ඇත්තේ.

පදවිය ප්‍රදේශයේ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු සහ මැදවච්චියේ විශ්‍රාමික කමාන්ඩෝ නිලධාරියෙකු සම්බන්ධයෙන් මෙලෙස තොරතුරු නොමැති බව හෙළිවී තිබෙනවා.

මේ අතර රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා කඳවුරුවලට ශ්‍රී ලංකාවේ හිටපු හමුදා භටයන් යොමු කිරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි එම ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ ඒකාබද්ව මෙහෙයුම සිදු කරන බව ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

මෙම වංචාවන්ට හසුවී ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් රැසක් යුද පෙරමුණට ගොස් ඇති අතර ඉන් පිරිසක් මරණයට පත්ව තවත් පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »