එයාර් වනුවාටු ගුවන් සේවයේ ගමන් අත්හිටුවීම හේතුවෙන් හයිව් රොටරි ක්ලබ්හි ඔස්ට්‍රේලියානු ස්වේච්ඡා සේවකයන් පිරිසක් ටැනා දූපතේ අතරමංවී ඇතැයි වාර්තා වනවා.
ඔවුන් ප්‍රාදේශීය ප්‍රජාවන් සඳහා සිදු කළ සෞඛ්‍ය වැඩසටහනකට ගොස් සිටියදී මෙලෙස අතරමං වී ඇති බවයි වාර්තා වන්නේ.
හයිව් රොටරි ක්ලබ් විසින් මෙම සේවකයන් නැවත පෝට් විලා වෙත ගෙන ඒමට කටයුතු සම්පාදනය කරමින් සිටින අතර අනතුරුව ඔවුන්ට නිවෙස් වෙත ගමන් කිරීමට හැකි වනු ඇතැයි බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
හයිව් රොටරි ක්ලබ් ඕස්ට්‍රේලියා විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘතියක් සඳහා වනුවාටු වෙත ස්වේච්ඡාවෙන් ගිය ඔස්ට්‍රේලියානුවන් පිරිසක් මෙලෙස ටැනා දුපතේ අතරමං වී ඇති බව සඳහන්.
ඔස්ට්‍රේලියානුවන් 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක කොටසක් වන මෙම පිරිසට ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ අනෙකුත් යුරෝපීය රටවල සිසුන් ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.
එයාර් වනුවාටු සමාගම පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ පැවසුවේ ඉරිදා දක්වා සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර ඇති අතර ඉරිදාට පසු අනෙක් ගුවන් ගමන් පිළිබඳ සමාලෝචනය කරන බවයි.