
ගෘහස්ත හිංසනවලින් කාන්තාවන් ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් නව නීති ගෙන ඒමට නිව් සවුත් වේල්ස් රජය සැලසුම් කර තිබෙනවා.
වඩාත් ප්‍රචණ්ඩව හැසිරෙන ගෘහස්ථ අපයෝජකයන්ට ඇප ලබා නොදීම සහ නඩු විභාග අතර නැවත වරදක් කිරීමේ වැඩි අවදානමක් ඇතැයි සැලකෙන අයට ඇප ලබා ගැනීමට අපහසු වන හදිසි නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රාන්ත කැබිනට් මණ්ඩලය සාකච්ඡා කිරීමට නියමිතයි.
යෝජිත නීති වෙනස්කම් අනුව වැඩිදුර විමර්ශනවලින් පසු සැකකරුවන් සම්බන්ධයෙන් විද්‍යුත් නිරීක්ෂණ භාවිතය ද පුළුල් කිරීමේ අවස්ථාව පවතිනවා.

බරපතල ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ඇප ලබා දෙන්නේ ද යන්න තීරණය කිරීමට ජ්‍යෙෂ්ඨ මහේස්ත්‍රාත්වරුන්ට වඩා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට ඇති හැකියාවෙහි කළ හැකි වෙනස්කම් ද රජය විසින් සලකා බලනු ඇති.
නිව් සවුත්වේල්ස් සෞඛ්‍ය අමාත්‍ය රයන් පාර්ක් සඳහන් කළේ කාන්තාවන්ගේ ආරක්ෂාව ගැන වග බලා ගැනීමට රජය අධිෂ්ඨාන කරගෙන සිටින බවයි.
