ෆේස්බුක් සටහනක් හේතුවෙන් පාරමී ගේ සේවය අත්හිටුවයි

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබීම හේතුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාව්ක් ලෙස සේවය කළ පාරමී නිලේප්තා රණසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඇයගේ ෆේස්බුක් ගිණුමේද මේ පිළිබඳ මෙසේ සටහනක් තබා ඇත.

– උපුටා ගැනීම –

පුරවැසියෙකු ලෙස මාගේ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස අභියෝගයට ලක් ව ඇති මොහොතක සමාජ වගකීමක් සහිත සම්ප්‍රවේශිකාවක ලෙස සුව දුක් විමසන හිතැතියන් වෙනුවෙන් මේ සටහන තබමි.

අද පටන් රූපවාහිනිය මා හට තහනම් භූමියක් බවට පත් ව ඇත්තේ මාගේ මුහුණුපොතේ පෝස්ටුවක් හරහා බහුතර ශ්‍රී ලාංකික ජීවිත ගැන අල්ප මාත්‍රයක් හෝ සංවේදී වීම නිසාවෙනි.

රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, නැණ මිහිර,චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් තුළින් මා හට ප්‍රේක්ෂකාදරය ළගා කර දුන් රූපවාහිනියට මාගේ ගෞරවයද, ගල් මුල් මැද ආදර පැසසුම් දුන් ප්‍රේක්ෂකයන්ට මාගේ ආදරයද පුද කරමි.

හංස වෙස් ගෙන පාත්තයින් රඟන විටත් රූපවාහිනිය මට හුදු දේශපාලන කෙළි මඩලක් නොවීය.මව් ගුණ හඳුනන දරුවකු ලෙස රූපවාහිනියට සුබ පතමි… සදාකල් යෙහෙන් වැජඹේවා.. නැවතුමක් නොවේ හැරවුමක් පමණි……..

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ස්වේච්ඡා සේවකයන් පිරිසක් ටැනා දූපතේ අතරමං වෙයි

එයාර් වනුවාටු ගුවන් සේවයේ ගමන් අත්හිටුවීම හේතුවෙන් හයිව් රොටරි ක්ලබ්හි ඔස්ට්‍රේලියානු ස්වේච්ඡා සේවකයන් පිරිසක් ටැනා දූපතේ අතරමංවී ඇතැයි වාර්තා වනවා.

Read More »

රුසියානු යුක්රේන යුද්ධයට ගිය ශ්‍රී ලාංකිකයන් ගැන දුක හිතෙන කතාවක්

රුසියානු යුක්රේන යුද්ධයේදී කුලී හමුදාවට එක්වූ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු මිය ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන තිබෙනවා.

Read More »