NSW ජල ගැලීම් මූල්‍යාධාරය තවත් ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන්ටත්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපෑ ජල ගැලීම් හමුවේ ලබාදෙන ඩොලර් 2000 ක මූල්‍යාධාරය තවත් ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන්ටද ලබාදීමටද තීරණය කර තිබෙනවා.

ඒ අනුව Kyogle, Tweed, Ballina සහ Byron යන පළාත් පාලන බල ප්‍රදේශවල ජනතාව සඳහාද එම දීමනාව ලබාදීමටයි නියමිතව ඇත්තේ.

මීට පෙර තීරණය කර තිබුණේ Lismore ප්‍රදේශයේ ජනතාවට පමණක් එම මුදල ලබාදීමටයි.

එහෙත් ප්‍රදේශවාසීන් එල්ල කල දැඩි චෝදනා හමුවේ ඉහත පළාත් පාලන බල ප්‍රදේශවල ජනතාවටද ඩොලර් 2000 ක මූල්‍යාධාරය සැපයීමට තීරණය වී තිබෙනවා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »