ලංකාව ලෝක කුසලානය දිනා අදට වසර 26 යි

ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගැනීමේ 26 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.

1996 වසරේ පැවති “විල්ස්” ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත්කරමින් අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම එම ඓතිහාසික විජයග්‍රහණය වාර්තා කළා.

ඒ, පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේදීයි.

එදා සිට මේ දක්වා පැවති එක්දින ලෝක කුසලාන තරඟාවලි කිහිපයකදී අවසන් මහා තරඟ කිහිපයකට සුදුසුකම් ලැබුවද එක්දින ලෝක කුසලානයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවී නැහැ.

මේ අතර 1996 ලෝක කුසලාන අවසන් මහා තරඟය පැවති ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගනයේ නම වසර 50 කට පමණ පසු වෙනස් කිරීමට පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රමේෂ් රාජා ප්‍රකාශ කර ඇත්තේ නව අනුග්‍රහකයෙකු ඉදිරිපත්වූ පසු ක්‍රීඩාංගනයේ නම වෙනස් කරන බවයි.

එම ක්‍රීඩාංගනය ගඩාෆි ක්‍රීඩාංගනය ලෙස නම් කර තිබුණේ ලිබියානු හිටපු ජනාධිපති මුවම්මර් ගඩාෆිට උපහාරයක් ලෙසයි.

ඒ අනුව එම ක්‍රීඩාංගනයට අදාළව අනුග්‍රහකයෙකු සමඟ ගිවිසුමකට එළඹුනු පසු අදාළ අනුග්‍රාහකයාගේ කැමැත්තට අනුව ක්‍රීඩාංගනයට නව නමක් ප්‍රතිස්ථාපනය වනු ඇති.

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ස්වේච්ඡා සේවකයන් පිරිසක් ටැනා දූපතේ අතරමං වෙයි

එයාර් වනුවාටු ගුවන් සේවයේ ගමන් අත්හිටුවීම හේතුවෙන් හයිව් රොටරි ක්ලබ්හි ඔස්ට්‍රේලියානු ස්වේච්ඡා සේවකයන් පිරිසක් ටැනා දූපතේ අතරමංවී ඇතැයි වාර්තා වනවා.

Read More »

රුසියානු යුක්රේන යුද්ධයට ගිය ශ්‍රී ලාංකිකයන් ගැන දුක හිතෙන කතාවක්

රුසියානු යුක්රේන යුද්ධයේදී කුලී හමුදාවට එක්වූ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු මිය ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන තිබෙනවා.

Read More »