2014 MH-17 ගුවන් අනතුරට ඔස්ටේ්‍රලියාව, රුසියාවට නඩු දමයි

2014 වසරේදී මගී ගුවන් යානයකට වෙඩි තබා බිම හෙළීම සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාව සහ නෙදර්ලන්තය ඒකාබද්ධව රුසියාවට එරෙහිව නඩු පවරා තිබෙනවා.

එම් එච් 17 දරන මැලේසියානු ගුවන් සේවයට අයත් යානය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා පැමිණෙමින් තිබියදී රුසියානු මිසයිල ප්‍රහාරයකින් විනාශ වූයේ 2014 වසරේ ජූලි 17 වනදායි.

එහි ගමන්ගත් මගීන් 298 දෙනාම ජීවිතක්ෂයට පත්වූ අතර ඉන් 38 දෙනෙකු ඔස්ටේ්‍රලියානුවන් වුණා.

රුසියාව පසුව නිවේදනය කලේ ප්‍රහාරක ගුවන් යානයක් යැයි වරදවා වටහා ගැනීමෙන් මිසයිල ප්‍රහාරයක් එල්ල කල බවයි.

කෙසේවෙතත් මෙය ජාත්‍යන්තර සිවිල් ගුවන් නීතිය කඩකිරිමක් බවට චෝදනා කරමිනුයි ඔස්ටේ්‍රලියාව සහ නෙදර්ලන්තය විසින් නඩු පවරා ඇත්තේ.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »