සුපිරි වෙළඳසැල්වල මස් සොරකම් නතර කරන්න නව මෘදුකාංගයක්

මෙරට සුපිරි වෙළඳසැල් වල මස් සොරකම් සියයට 85කින් පමණ වැඩි වී ඇති බව පර්යේෂණවලින් අනාවරණ වී තිබෙනවා.

මේ හේතුවෙන් සොරකම් කරන්නන් ඉලක්ක කර නව තාක්‍ෂණය යොදා ගනිමින් ආරක්ෂාව තර කිරීමටයි සුපිරි වෙළඳසැල් ඇතුලු ආයතන පියවර ගෙන ඇත්තේ.

සමස්ත ඔස්ට්‍රේලියාව පුරා මස් සොරකම් කළ සිදුවීම් 67,000කට වඩා වාර්තා වී ඇති අතර හරක් මස් සොරුන්ගේ වඩාත් ජනප්‍රිය ඉලක්කය වන බව සඳහන්.

කුකුල් මස්, බැටළු මස් සහ ඌරු මස් ද සොරකම් කිරීමට ලක්වන මස් වර්ග අතර වනවා.

ඩ්‍රේක්ස් සුපිරි වෙළඳසැල්වල අධ්‍යක්ෂ ජෝන් පෝල් ඩ්‍රේක් පැවසුවේ සොරුන් හඳුනා ගැනීමේ නව මෘදුකාංගය මගින් අනාවරණ කර ගත් එක් සොරෙකුගෙන් පමණක් සිදු වූ අලාභය ඩොලර් 12,000ක් වන බවයි.

මස් මිල ඉහළ යාම හමුවේ සුපිරි වෙළඳසැල්වල ඇති මස් සොරුන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

සොරුන් ඉලක්ක කර ගත් නව මෘදුකාංගය දකුණු ඕස්ට්‍රේලියානු පොලිසියට ලබාදී ඇති මෙම අපරාධ සම්බන්ධ සිද්ධීන් පිළිබඳ ඔවුන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »