චොකලට් – චීස් – ඇපල් – මත්පැන් ඇතුලු වර්ග 367 ක් ලංකාවට ආනයනයේදී නව නීති

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 ක් ආනයනය කිරීමේදී අද සිට බලපත්‍ර පාලනයකට නතු කරමින් මුදල් අමාත්‍යවරයා විසින් රෙගුලාසි පනවා තිබෙනවා.

එලෙස සීමා පනවා ඇති භාණ්ඩ වර්ග අතරට ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු වර්ග සහ චීස්, ජලය, විදෙස් මත්පැන් හා බීර මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය ද ඇතුළත්.

මීට අමතරව පාවහන්, සංගීත භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ සඳහා ද සීමා පනවා තිබෙනවා.

ආනයන අපනයන පාලකවරිය විසින් බලපත්‍ර නිකුත් කරන අතර ඊට පෙර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශය ද ලබා ගත යුතු බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර රජය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ වත්මන් ආර්ථික තත්වය නිසි ලෙස කළමනාකරණය සඳහා සීමිත කාලයකට ආනයන සීමා කිරීමට රජය තීරණය කර ඇති බවයි.

මහ බැංකු නිර්දේශ අනුව ක්‍රමවේද තුනක් යටතේ ආනයන සීමා ක්‍රියාත්මක කෙරෙන බව එහි සඳහන්.

පළමු ක්‍රමවේදය යටතේ ඇතැම් තෝරාගත් ආනයනික භාණ්ඩ සඳහා බදු පැනවෙන අතර දෙවැන්න යටතේ ඇතැම් භාණ්ඩ ආනයනය සඳහා බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කෙරෙනවා.

තුන්වන ක්‍රමවේදයට අනුව ඇතැම් ආනයනික භාණ්ඩ වලට බදු හා බලපත්‍ර පැනවීමට පියවර ගැනෙනු ඇති.

රටේ පවත්වනා ආර්ථික තත්වය ප්‍රශස්ත ලෙස කළමනාකරණය කරමින් වඩා යහපත් මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීමට ආනයන සීමා කිරීමේ ක්‍රමෝපායන් ඉවහල් වනු ඇතැයි ආර්ථික විශේෂඥයින් විශ්වාසය පළ කර ඇති බවද රජය පෙන්වා දෙනවා.

අදාළ නිවේදනය

සිඩ්නිහි ප්‍රසිද්ධ නීතිඥවරයෙක් පොලිස් අත්අඩංගුවට

ලිංගික අපයෝජනයට ලක්වූ අයෙකුගේ විස්තර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් සිඩ්නිහි අපරාධ නඩු සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

සුනඛ සුරතලුන්ගේ හිමිකරුවන්ට නීති දැඩි වෙයි

සුනඛයන් සහ බළලුන් කළමනාකරණ පනතේ නව ප්‍රතිසංස්කරණ යටතේ දකුණු ඔස්ට්‍රේලියාවේ සුනඛ සපා කෑම් සහ ප්‍රහාර සඳහා වන දඩුවම් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

චාල්ස් රජු මෙතෙක් හෙබවූ තනතුරක් පුතාට ලබාදෙයි

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප්‍රධාන කර්නල් තනතුර වේල්සයේ කුමාරයා වන බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල් රජුගේ පුත් විලියම් කුමරු වෙත ලබා දී තිබෙනවා.

Read More »