
ඇඩිලේඩ් නාගරික කලාපයේ හිගයක්ව පවතින පුහුණු නිපුණතා ශ්‍රමික රැකියා පිරවීමේ අරමුණින් ක්‍රියාත්මක Designated Area Migration Agreement (DAMA) නවතම ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ආරක්ෂක – තාක්ෂණ – නිෂ්පාදන ආදී අංශ රැසක රැකියා සඳහා සේවා යෝජකයන්ට විදේශීය පුහුණු ශ්‍රමිකයන් මේ යටතේ ගෙන්වා ගත හැකි වනවා.
දකුණු ඕස්ට්‍රේලියාවේ මෙම DAMA වැඩසටහන් මගින් දකුණු ඕස්ට්‍රේලියානු සේවා යෝජකයින්ට, දේශීය සේවකයින්ගෙන් පිරවිය නොහැකි රැකියා ස්ථාන සඳහා පුහුණු විදේශීය සේවකයින්ට අනුග්‍රහය දැක්වීමට හැකියාව ලැබේ.

කුසලතා සහිත ශ්‍රමිකයින් සොයාගැනීමට අපහසු සේවා යෝජකයන් හට DAMA කම්කරු ගිවිසුමකට එළඹීම සඳහා අනුමැතිය ලබාගැනීමට ඉල්ලුම් කළ හැක.
මෙවර නවතම ලැයිස්තුව ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම සමස්ත ලැයිස්තුව පහතින් :
https://www.migration.sa.gov.au/occupation-lists/dama-occupation-list