
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන වැඩපිළිවෙල අද නිමාවට පත්වුණා.
ඒ Toowoomba හි ඉදිකල නව නිරෝධායන මධ්‍යස්ථානය අද නිල වශයෙන් විවෘත කිරීමත් සමගයි.
පසුගිය ඔක්තෝබර් මාසයේදි ඉදි කිරීම් ආරම්භ කල නව මධ්‍යස්ථානය මෙතරම් ඉක්මණින් විවෘත කිරීමට ලැබීම සතුටට කරුණක් බව ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk ප්‍රකාශ කලා.

දැනට ඇඳන් 500 කින් සමන්විත මෙහි තවත් ඇඳන් 500 ක් ඉදිරි මාස කිහිපය තුළ ස්ථාපිත කිරීමට නියමිතයි.
ක්වීන්ස්ලන්ඩ් හෝටල් නිරෝධායන කාලසීමාවේදී විදේශයන් හි සිට පැමිණි 77,000 ක් ඇතුලු පුද්ගලයන් 127,000 කට වැඩි පිරිසක් නිරෝධායනයට ලක්ව තිබුණා.

වික්ටෝරියා ප්‍රාන්තයේ හෝටල් නිරෝධායනය ලබන මාර්තු මස අවසන් කරන බවයි ප්‍රාන්ත බළධාරීන් පසුගියදා නිවේදනය කලේ.