Day: February 16, 2022

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා විවෘත වන දිනය ගැන ඉගියක්

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා වසා තැබීමට ගත් තීරණය ජනප්‍රිය නොවුවද එය වෙනස් කිරීමට කිසිදු සූදානමක් නොමැති බව ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් පවසනවා. ජීවිත ආරක්ෂා කිරීමටත් රැකියා සුරැකීමටත් එය ඉවහල් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ. දැනට සියයට 54 කට ආසන්නව පවතින 03 වන මාත්‍රා ප්‍රතිශතය ඉහළ අගයකට පැමිණි වහා ප්‍රාන්ත සීමා විවෘත කරන බවත් මාර්ක් මැක්ගෝවන් අවධාරණය කලා. කෙසේවෙතත් වර්තමානයේ ප්‍රාන්ත සීමා විවෘත කිරීම යනු දහස් ගණනක් කොවිඩ් ආසාධිතයන් ප්‍රාන්තයට පැමිණීමක් බවයි ඔහු අනතුරු අගවන්නේ. https://www.9news.com.au/national/wa-premier-mark-mcgowan-stands-by-border-restrictions/3d80d937-9694-4cd7-b578-c2d1196aec6d

Read More »

ක්වීන්ස්ලන්ඩ් හෝටල් නිරෝධායනය අවසන්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන වැඩපිළිවෙල අද නිමාවට පත්වුණා. ඒ Toowoomba හි ඉදිකල නව නිරෝධායන මධ්‍යස්ථානය අද නිල වශයෙන් විවෘත කිරීමත් සමගයි. පසුගිය ඔක්තෝබර් මාසයේදි ඉදි කිරීම් ආරම්භ කල නව මධ්‍යස්ථානය මෙතරම් ඉක්මණින් විවෘත කිරීමට ලැබීම සතුටට කරුණක් බව ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk ප්‍රකාශ කලා. දැනට ඇඳන් 500 කින් සමන්විත මෙහි තවත් ඇඳන් 500 ක් ඉදිරි මාස කිහිපය තුළ ස්ථාපිත කිරීමට නියමිතයි. ක්වීන්ස්ලන්ඩ් හෝටල් නිරෝධායන කාලසීමාවේදී විදේශයන් හි සිට පැමිණි 77,000 ක් ඇතුලු පුද්ගලයන් 127,000 කට

Read More »

මෙල්බර්න් රෝහල්වල වැඩිපුර elective සැත්කම් පෙබරවාරි 21 සිට

මෙල්බර්න් සහ වික්ටෝරියා ප්‍රාදේශීය කලාපයන්හි රෝහල්වල වැඩිපුර elective සැත්කම් පෙබරවාරි 21 සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. රෝහල්වල කොවිඩ් රෝගීන් අඩුවීමත් සමග එම තීරණය ගත් බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ. රෝහල්ගතවීම් ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර රෝහල් කාර්යමණ්ඩලය සුපුරුදු කාර්යයන් සඳහා ලබා ගැනීමේ හැකියාව වැඩිවී ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය අමාත්‍ය Martin Foley කියාසිටියා. රෝහල් කටයුතු සඳහා දැනට පනවා ඇති ඉතිරි සීමාවන් ඉවත් කිරීමට ද නුදුරේදීම පියවර ගැනෙනු ඇති. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් කඩිනමින් නිකුත් කරන බව

Read More »

ද්‍රවිඩ ක්‍රමයට විවාහ වන ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ක්‍රීඩකයා

ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් සහ ඉන්දීය සම්භවයක් සහිත තරුණියක අතර විවාහ මංගල්‍යය සඳහා දින නියම වී තිබෙනවා. ලබන මාර්තු 27 වනදා මෙල්බන් නුවරදී එය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. විනි රාමන් නම් මෙම තරුණිය දකුණු ඉන්දීය කාන්තාවක වන අතර ද්‍රවිඩ සම්ප්‍රදාය අනුව විවාහ මංගල්‍යය සංවිධාන කර තිබීම විශේෂත්වයක්. ඔවුන්ගේ විවාහ ආරාධනා පත්‍රය පවා මුද්‍රණය කර ඇත්තේ ද්‍රවිඩ භාෂාවෙනුයි. ඉන්දියාවේ උපත ලබා දැනට ඔස්ටේ්‍රලියාවේ පදිංචි වී සිටින විනී රාමන් වෘත්තියෙන් ඖෂධ සංයෝජකවරියක වනවා.

Read More »