මෙල්බර්න් රෝහල්වල වැඩිපුර elective සැත්කම් පෙබරවාරි 21 සිට

මෙල්බර්න් සහ වික්ටෝරියා ප්‍රාදේශීය කලාපයන්හි රෝහල්වල වැඩිපුර elective සැත්කම් පෙබරවාරි 21 සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

රෝහල්වල කොවිඩ් රෝගීන් අඩුවීමත් සමග එම තීරණය ගත් බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

රෝහල්ගතවීම් ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර රෝහල් කාර්යමණ්ඩලය සුපුරුදු කාර්යයන් සඳහා ලබා ගැනීමේ හැකියාව වැඩිවී ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය අමාත්‍ය Martin Foley කියාසිටියා.

රෝහල් කටයුතු සඳහා දැනට පනවා ඇති ඉතිරි සීමාවන් ඉවත් කිරීමට ද නුදුරේදීම පියවර ගැනෙනු ඇති.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් කඩිනමින් නිකුත් කරන බව ප්‍රාන්ත අගමැති Daniel Andrews කියාසිටියා.