Day: February 16, 2022

නවසීලන්ත නේවාසික වීසා වැඩසටහන ගැන විශේෂ දැනුම්දීමක්

2021 නවසීලන්ත නේවාසික වීසා වැඩසටහනට අදාළව නවතම තොරතුරු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව දැනටමත් EOI එකක් ඉදිරිපත් කර ඇති වීසා අයදුම්කරුවන්ට ලබන සඳුදා එනම් පෙබරවාරි 21 වනදා සිට අයදුම්පත් යොමු කල හැකියි. ඔබට අයදුම්කල යුතු දිනය පිළිබඳ හා ඉදිරි කටයුතු පිළිබඳ දන්වමින් නවසීලන්ත සංක්‍රමණ දෙපාර්තමේන්තුව විසින් පෙබරවාරි 21 වනදාත් මාර්තු පළමුවනදාත් අතර කාලයේදී දිනපතා සවස 06 ට ඊ-මේල් පණිවිඩයක් යොමු කරනු ඇති. EOI ඉදිරිපත් කල අනුපිළිවෙලට මෙම දැනුම්දීම් සිදුකෙරෙන බවද සඳහන්. ඊ-මේල් පණිවිඩය

Read More »

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල Geelong හෝ Ballarat හිදී ??

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වික්ටෝරියා ප්‍රාන්තය තුළදී පැවැත්වීම සඳහා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් ලංසුවක් ඉදිරිපත් කර තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය සමග ඒ සම්බන්ධයෙන් ගිවිසුමක්ද අත්සන් කිරීමට නියමිත බවයි අගමැතිවරයා කියාසිටියේ. කෙසේවෙතත් ප්‍රාදේශීය ප්‍රදේශයක තරගාවලිය පැවැත්වීම බලාපොරොත්තුව බවද ඩැනියල් ඇන්ඩෲස් ප්‍රකාශ කලා. අවසන්වරට වික්ටෝරියා ප්‍රාන්තය තුළ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් පවත්වා ඇත්තේ 2006 වසරේ මෙල්බන් නුවරදීයි. 2026 වසරේදී බොහෝදුරට Geelong හෝ Ballarat කේන්ද්‍ර කරගනිමින් තරගාවලිය පැවැත්වෙනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »

ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමේ ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයෙක්

ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ඈෂ්ටන් ඒගාර් ගේ මව ශ්‍රී ලාංකික කාන්තාවක බව මේ වනවිට තහවුරු වී තිබෙනවා. ඈෂ්ටන් ඒගාර්ගේ පියා වන ජෝන් ඒගාර් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන අතර සෝනියා හේවාවිස්ස වන මව ශ්‍රී ලාංකාවේ උපත ලැබූ කාන්තාවක්. ඇය ප්‍රකාශ කළේ, 1974 වසරේදී ඇය ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි බවයි. ඔස්ට්‍රේලියානුවෙකු වුව ද ඈෂ්ටන් ඒගාර් සිය ශ්‍රී ලාංකීය සම්භවය පිළිබඳව ආඩම්බර වන බව ඔහුගේ මව පවසනවා. තමන් ශ්‍රී ලංකාවෙන් පිට වී බොහෝ කලක් වන නමුත් සිය පවුලේ

Read More »

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා – 8,149 / නිවු සවුත් වේල්ස් – 10,463

ග​තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 8149 ක් හමුව ඇත. මරණ 18 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 49,936 කි. ඊයේ දිනයේදී (15) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 23,278 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 10,497 ක් ලබා දී තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (15) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 10,463 ක් වාර්තා වි තිබේ. දැනට 1478 දෙනෙකු රෝහල්ගතව

Read More »

නිමල් ලන්සා අස්වෙයිද ?

ග්‍රාමීය මාර්ග රාජ්‍ය ඇමති නිමල් ලන්සා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට අමාත්‍ය කාර්යාලයෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. රාජ්‍ය ඇමතිවරයා එම අමාත්‍යංශයේ  ලේකම්වරයා සමඟ ඇතිවූ ප්‍රශ්නයක් මත පෞද්ගලික  කාර්යමණ්ඩලය ඉවත් කර ගැනීමට තීරණය කර ඇතැයිද එම ආරංචි මාර්ග වලින් පැවසේ . අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා නිමල් ලන්සා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (16) දිනයේදී හමුවීමට නියමිතව ඇති බවද පැවසේ. ජනාධිපතිවරයා අද දිනයේ දී හමුවන ලෙස ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් නිමල් ලන්සාට

Read More »