ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමේ ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයෙක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමේ ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයෙක්

ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමේ ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයෙක්

ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ඈෂ්ටන් ඒගාර් ගේ මව ශ්‍රී ලාංකික කාන්තාවක බව මේ වනවිට තහවුරු වී තිබෙනවා.

ඈෂ්ටන් ඒගාර්ගේ පියා වන ජෝන් ඒගාර් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන අතර සෝනියා හේවාවිස්ස වන මව ශ්‍රී ලාංකාවේ උපත ලැබූ කාන්තාවක්.

ඇය ප්‍රකාශ කළේ, 1974 වසරේදී ඇය ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි බවයි.

ඔස්ට්‍රේලියානුවෙකු වුව ද ඈෂ්ටන් ඒගාර් සිය ශ්‍රී ලාංකීය සම්භවය පිළිබඳව ආඩම්බර වන බව ඔහුගේ මව පවසනවා.

තමන් ශ්‍රී ලංකාවෙන් පිට වී බොහෝ කලක් වන නමුත් සිය පවුලේ සාමාජිකයන් සියලු දෙනා ම තවමත් ශ්‍රී ලාංකීය චාරිත්‍ර වාරිත්‍ර පිළිපදින බව සෝනියා ඒගාර් පවසයි.

1993 වසරේ ඔක්තෝබර් 14 වන දා ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හිදී උපත ලද ඈෂ්ටන් ඒගාර් බටහිර ඔස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ ක්‍රිකට් පිටියට පිවිසියේය.

පසුව ඔහු ඔස්ට්‍රේලියානු 19 න් පහළ ජාතික කණ්ඩායමටත් පර්ත් ස්කෝෂර්ස් කණ්ඩායමටත් ක්‍රීඩා කළේය.

ඔහුට පළමු වරට ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූයේ, 2013 වසරේදීය.

2015 වසරේදී එක්දින වරම් ලැබූ ඔහු පන්දු වාර 20 කණ්ඩායමට ඇතුළත් වූයේ, 2016 වසරේදීය.

COMMENTS