නවසීලන්ත නේවාසික වීසා වැඩසටහන ගැන විශේෂ දැනුම්දීමක්

2021 නවසීලන්ත නේවාසික වීසා වැඩසටහනට අදාළව නවතම තොරතුරු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දැනටමත් EOI එකක් ඉදිරිපත් කර ඇති වීසා අයදුම්කරුවන්ට ලබන සඳුදා එනම් පෙබරවාරි 21 වනදා සිට අයදුම්පත් යොමු කල හැකියි.

ඔබට අයදුම්කල යුතු දිනය පිළිබඳ හා ඉදිරි කටයුතු පිළිබඳ දන්වමින් නවසීලන්ත සංක්‍රමණ දෙපාර්තමේන්තුව විසින් පෙබරවාරි 21 වනදාත් මාර්තු පළමුවනදාත් අතර කාලයේදී දිනපතා සවස 06 ට ඊ-මේල් පණිවිඩයක් යොමු කරනු ඇති.

EOI ඉදිරිපත් කල අනුපිළිවෙලට මෙම දැනුම්දීම් සිදුකෙරෙන බවද සඳහන්.

ඊ-මේල් පණිවිඩය ලැබීමට පෙර ඔබට අයදුම් කිරීමට හැකියාවක් නොමැති බව නවසීලන්ත සංක්‍රමණ දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

දිනකට පුද්ගලයන් 1,500 කට පමණ මෙම ඊ-මේල් පණිවුඩය යොමුකිරීමට අපේක්ෂා කරන බව ඔවුන් නිකුත් කල නිවේදනයක සඳහන්.

අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය වන්නේ ලබන ජූලි 31 වනදායි.

මාස 12 ක් ඇතුළත වීසා අයදුම්පත සම්බන්ධ තීරණය ලැබීමටද නියමිතයි.

https://www.immigration.govt.nz/new-zealand-visas/already-have-a-visa/one-off-residence-visa/2021-resident-visa-application-process?fbclid=IwAR3FWSipPsp7EodtEsKg7DYTRTg1sV-esvYGe2RtyHKh7AuWPmu4po-SwQo

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »