ක්වීන්ස්ලන්ඩ් පාසල් ළමුන් අතර කොවිඩ් පැතිරීම වේගවත් වෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ක්වීන්ස්ලන්ඩ් පාසල් ළමුන් අතර කොවිඩ් පැතිරීම වේගවත් වෙයි

ක්වීන්ස්ලන්ඩ් පාසල් ළමුන් අතර කොවිඩ් පැතිරීම වේගවත් වෙයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් දිනකට වාර්තාවන කොවිඩ් ආසාධිතයන් අතුරින් 1000 – 1500 ත් අතර සංඛ්‍යාවක් පාසල් ළමුන් බව ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී John Gerrard පවසනවා.

ඔවුන් සියල්ලට පාහේ සුලු රෝග ලක්ෂණ පෙන්නුම් කෙරෙන බවයි ඔහු සඳහන් කලේ.

මෙම ළමුන්ගෙන් අඩක් පමණ වයස අවුරුදු 05 ත් 11 ත් අතර වන බවත් සෙසු ළමුන් වයස අවුරුදු 12 ත් 17 ත් අතර වන බවත් ප්‍රධාන වෛද්‍ය නිළධාරීවරයා කියාසිටියා.

ඉදිරි සති කිහිපයේදී ළමුන් අතර කොවිඩ් පැතිරීම ඉහළ අගයක් ගනු ඇති බවටද John Gerrard අනතුරු අගවා සිටිනවා.

ඊයේ දිනයේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 7311 ක් වාර්තා විය.

https://www.9news.com.au/national/coronavirus-update-queensland-case-numbers-school-transmissions/8cc9cb4f-8c84-4e0e-abba-b37dbc562f58

COMMENTS