පැය 05 ක් මෝටර් රථයක දමා මාස 14 ක දරුවා ආබාධිත කල මෙල්බන් මවට සිර දඩුවම්

පැය 05 ක් පුරා දැඩි උණුසුම මධ්‍යයේ මෝටර් රථයක් තුළ දමා යාම හේතුවෙන් තම මාස 14 ක් වයසැති පුත්‍රයා ආබාධිත තත්වයට පත්කල මෙල්බන් කාන්තාවකට සිර දඩුවම් නියම කර තිබෙනවා.

Kaija Millar නම් 34 හැවිරිදි තැනැත්තියකටයි මෙලෙස දඩුවම් නියමවී ඇත්තේ.

2020 වසරේ ජනවාරි 15 වනදා පැය 04 යි විනාඩි 50 ක කාලයක් තම පුත්‍රයා මෝටර් රථය තුළ දමා මෙම තැනැත්තිය bingo and pokies ක්‍රීඩා කර තිබෙනවා.

ඒ වනවිට මෝටර් රථය තුළ උෂ්ණත්වය සෙල්සියස් 37.5 ක් ලෙස පැවති බව අධිකරණයේදී අනාවරණය වුණා.

පුත්‍රයා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර එය සැමියාගෙන් වසන් කරන ලෙසත් ඇය උපකාරයට පැමිණි පිරිසගෙන් ආයාචනා කර ඇතැයි ද සඳහන්.

https://www.9news.com.au/national/kaija-millar-jailed-mum-jailed-for-leaving-toddler-in-hot-car-causing-him-to-become-severely-disabled/910c7db6-54af-47e0-a99f-7e30c4e20ad6

PIC – 7NEWS

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »