
පෙබරවාරි 21 වන දින ජාත්‍යන්තර සංචාරකයින්ට ඔස්ට්‍රේලියානු දේශසීමා විවෘත කිරීම මධ්‍යයේ වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින්ට කොවිඩ් මාත්‍රා තුනම ලබා තිබිය යුතුය යන ප්‍රාන්ත රජයේ සැලසුම් ඔස්ට්‍රේලියානු සංචාරක අමාත්‍ය Dan Tehan ප්‍රතික්ෂේප කර තිබේ.
ජාත්‍යන්තර සංචාරකයින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන විට ප්‍රාන්තවලින් ඒ සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් තිබීම ඉතා වැදගත් බව Dan Tehan පැවසීය.
ලබන 21 වනදා සිට ඔස්ටේ්‍රලියා දේශ සීමා විවෘත කෙරුණද වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවිමට අවසර දෙනුයේ බූස්ටර් මාත්‍රාවද ලබාගත් සංචාරකයන්ට පමණක් විය හැකි බවට ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් ඉගියක් පළකර තිබෙනවා.

කෙසේවෙතත් තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
පූර්ණ එන්නත්කරණයට ලක්ව නිසි වීසා බලපත්‍රයක් ඇති ඕනෑම අයෙකුට ලබන 21 වනදා සිට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවිය හැකියි.

පූර්ණ එන්නත්කරණය ලෙස මෙරට තවමත් බලාත්මක වන්නේ එන්නත් 02 ක් ලබාගෙන තිබීමයි.
එහෙත් 03 වන මාත්‍රාව ගෙන නොමැති කිසිවෙකුටත් වික්ටෝරියා ප්‍රාන්ත සීමා විවෘත නොකිරීම කෙරෙහි සිය අවධානය යොමුව ඇති බවයි අගමැති ඩැනියල් ඇන්ඩෲස් අනාවැකියක් පළකර ඇත්තේ.
කෙසේවෙතත් මෙම තීරණයට ෆෙඩරල් රජයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.
මුදල් ඇමති සයිමන් බර්මිංහැම් පෙන්වා දෙන්නේ අගමැතිවරයාගේ මෙම තීරණයෙන් සිදුවන්නේ වික්ටෝරියා ප්‍රාන්තය හුදකලාවීමත් – ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්වීමත් පමණක් බවයි.