
පන්දුවාර 20 තරගාවලිය සඳහා දැනට සිඩ්නි නගරයට පැමිණ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ට කොවිඩ් වැළඳී තිබෙනවා.
මේ අතර කොවිඩ් ආසාදනයවී සුවය ලැබූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අද ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ, ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි 20 තරඟාවලියේදී ශ්‍රී ලංකා පිළට එක්වීමටයි.
කොවිඩ් ආසාදනයවී සුවය ලැබූ නුවන් තුෂාර ද ඊයේ දිනයේදී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු රුමේෂ් රත්නායක ද ඊයේ දිනයේ ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟ 05 කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය එළඹෙන 11 වනදා ආරම්භ වීමට නියමිතයි.