
ඉදිරි සතිවලදී ජාත්‍යන්තර සංචාරකයින්ට නැවත ඕස්ට්‍රේලියාවට පැමිණිය හැකි අතර, ස්වදේශ කටයුතු අමාත්‍ය Karen Andrews සඳහන් කලේ මේ පිළිබඳ ව අවසන් තීරණය ගැනීමට ඉතාමත් ආසන්න බවයි.
ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා වසා දමා වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති අතර විදේශීය සංචාරකයන්ගෙන් ලැබෙන ආදායම පහත වැටීම නිසා ඔස්ට්‍රේලියානු සංචාරක අංශයට දැඩි ලෙස පාඩු සිදු වී ඇත.
හෙට (07) දිනයේ ෆෙඩරල් රජයේ ජාතික ආරක්ෂක කමිටුව මෙම ගැටලුව පිළිබඳ නවතම තොරතුරු සාකච්ඡා කිරීමට එක් රැස් වීමට නියමිතයි.

රට පුරා ඉහළ COVID 19 එන්නත්කරණ අනුපාතයක් තිබීම හමුවේ සමහර ජාත්‍යන්තර දේශ සීමා නීති තවදුරටත් අවශ්‍ය නොවන බවට රජයට දැනටමත් මූලික උපදෙස් ලැබී ඇති බවට සඳහන්.
ටෙනිස් තරුවක් වන Novak Djokovic ගේ සිද්ධිය හා සැසඳීම් කරමින් COVID-19 ආරක්ෂක පූර්වෝපායන් සපුරා නොමැති ජාත්‍යන්තර සංචාරකයින් පිටුවහල් කළ හැකි බව Andrews තවදුරටත් අවධාරණය කරමින් කියා සිටියාය.

“ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට හැකිවීම සඳහා, ඔබ ඕස්ට්‍රේලියානු පදිංචිකරුවෙකු නොවන අයෙකු නම්, ඔබට වලංගු වීසා බලපත්‍රයක් තිබිය යුතු අතර, ඔබ සම්පූර්ණයෙන් එන්නත් කර ඇති බව හෝ වෛද්‍ය හේතූන් මත ඔබට එන්නත් කළ නොහැකි බව පැවසීමට වෛද්‍ය සාක්ෂි ඉදිරිපත් කල යුතු වේ. “Andrews පැවසුවාය.
COMMENTS