නිවසටම පාර්සල නොලද මෙල්බන් යුවළකට $ 3318 ක වන්දියක් ගෙවන ලෙස Australia Post වෙත නියෝග

සිය නිවසටම පාර්සල නොලද මෙල්බන් යුවළකට ඩොලර් 3318 ක වන්දියක් ගෙවන ලෙස වික්ටෝරියා සිවිල් සහ පරිපාලන බේරුම්කරණ අධිකරණයක් විසින් Australia Post වෙත නියෝග කර තිබෙනවා.

2019 වසරේ සිට දිගින් දිගටම තම නිවසට පාර්සල නොලද අතර තැපැල් සේවකයන් විසින් ආසන්නම තැපැල් කාර්යාලයට පැමිණ පාර්සල් රැගෙන යන ලෙස දැනුම්දීම් කරන බවටයි මෙම යුවළ චෝදනා කර තිබුණේ.

ඇතැම් අවස්ථාවලදී පාර්සල් විසි කර දමා ගොස් ඇති බවද ඔවුන් පවසා තිබුණා.

මේ සම්බන්ධයෙන් පළමුවෙන් Australia Post වෙත පැමිණිලි කෙරුණු නමුත් නිසි විසඳුමක් නොලද බැවින් වික්ටෝරියා සිවිල් සහ පරිපාලන බේරුම්කරණ අධිකරණය වෙත පැමිණිලි කිරිමටයි ඔවුන් දෙදෙනා කටයුතු කර ඇත්තේ.

එහිදී නිවසේ සිට තැපැල් කාර්යාලයට ඇති දුර වැනි සාධක සළකා මෙම වන්දි මුදල ගෙවන ලෙසයි වෙත නියම කර ඇත්තේ.

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »

යුක්රේන රුසියානු යුද්ධයෙන් ශ්‍රී ලාංකිකයන් 08ක් මියයයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම්වලදී අවම වශයෙන් ශ්‍රී ලාංකික රණවිරුවන් 08 දෙනෙකු මිය ගොස් ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »