“Aged care මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අනුගමනය කල පිළිවෙත නිවැරදියි”

කොවිඩ් වසංගත සමයේ Aged care මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ෆෙඩරල් රජය අනුගමනය කල පිළිවෙත නිවැරදි බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

ඔස්ටේ්‍රලියාව හා සැසඳීමේදී මහා බි්‍රතාන්‍යයේ Aged care මධ්‍යස්ථානවල කොවිඩ් ආසාධිතයන් වාර්තාවීම 08 ගුණයකින් වැඩි බවයි අගමැතිවරයා සඳහන් කලේ.

ලොව බොහෝ රටවලට වඩා කොවිඩ් වසංගතය පාලනයේදී ඔස්ටේ්‍රලියාව ඉහළින් සිටින බවයි ස්කොට් මොරිසන් කියාසිටියේ.

මෙල්බන් නුවර අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කලා.

Aged care මධ්‍යස්ථානවල කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ඉහළ අගයක් ගැනීම සම්බන්ධයෙන් ෆෙඩරල් රජයට චෝදනා එල්ලවන අවස්ථාවකදීයි අගමැති මොරිසන් මෙම කරුණු පැහැදිලි කිරීම සිදුකලේ.

සේවක හිගය හමුවේ කිසියම් ආකාරයක සේවා සැපයීම අඩාලවීමක් දක්නට ලැබුණද එය තාවකාලික බවත් අගමැතිවරයා කියාසිටියා.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »