බැංකු පොළී අනුපාතය 0.1% ක් ලෙසම – පසුගිය මාසයේ $ බිලියන 30 ක නිවාස ණය ගනී

බැංකු පොළී අනුපාත සියයට 0.1 ක් ලෙසම පවත්වාගෙන යාමට ඔස්ටේ්‍රලියානු සංචිත බැංකුව තීරණය කර තිබෙනවා.

මේ අනුව 2020 වසරේ නොවැම්බර් මාසයේදී සංශෝධනය කල අගයන්ම අඛණ්ඩව පවත්වාගෙන යනු ඇති.

පසුගිය සතියේ නිකුත් වූ සංඛ්‍යාලේඛණ අනුව උද්ධමනය ඉහළයාමත් සමග පොළී අනුපාත ඉහළ දැමෙනු ඇති බවටයි අනාවැකි පළවුයේ.

මේ අතර පසුගිය මාසයේදී ඩොලර් බිලියන 30 ක පමණ නිවාස ණය අනුමත කර ඇති බව අනාවරණ වනවා.

ඔස්ටේ්‍රලියා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පසුගිය වසර හා සැසඳීමේදී එය සියයට සියයට 4.4 ක පමණ ඉහළ යාමක් බවයි.

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »