ශ්‍රී ලාංකික ද්‍රවිඩ පවුලට අධිකරණයෙන් සහනයක්

ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික පවුලට තවදුරටත් bridging visas සඳහා අයදුම් කිරීම වළක්වමින් සංක්‍රමණ අමාත්‍ය Alex Hawke විසින් නිකුත් කල නියෝගය නීති විරෝධි බවට Federal Circuit Court අධිකරණය විසින් අද නියම කර තිබෙනවා.

මේ අනුව Biloela family නමින් ජනප්‍රිය මෙම පවුලට තවදුරටත් ඔස්ටේ්‍රලියාව තුළ රැඳී සිටීම සඳහා අවසර හිමිවනු ඇති.

කෙසේවෙතත් දැනට පැවැත්වෙන නඩු විභාගය අවසානයේදී මෙම පවුල යළිත් ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරෙනු ඇති බවටයි ඔවුන්ගේ නීතීඥයන් අද පැවති නඩු විභාගයේදී තර්ක කර තිබුණේ.

ශ්‍රී ලංකාවේ යුධ සමයේ ඔස්ටේ්‍රලියාවට පලාගිය මෙම දෙමව්පිය යුවල ඔස්ටේ්‍රලියාවේදී විවාහ වී දියණියන් දෙදෙනෙකු ලැබුවා.

බාලම දියණිය පසුගිය වසරේදී මෙරට පුවත්වල සිරස්තල අතර නම සටහන් කිරීමට සමත්වූයේ ඇයට බලපෑ රෝගී තත්වයක් හමුවේ රෝහල්ගත කිරීමත් සමග ඔවුන්ගේ වීසා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක්ද ආරම්භවීමත් සමගයි.

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »

මෙවර ෆෙඩරල් අයවැයෙන් සංක්‍රමණිකයන්ට සහන රැසක්

සංක්‍රමණික සහ සරණාගත ජනාවාස සේවා සඳහා ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම මුල්‍ය වර්ෂයේ සිට වසර පහක් තුළ රජය ඩොලර් මිලියන 120.9ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »