Day: January 24, 2022

මෙල්බන් Hallam ප්‍රදේශයේදී මෝටර් රථයක පිපිරීමකින් පුද්ගලයෙකු මරුට

මෙල්බන් Hallam ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. නිවසේදී සකස් කරගන්නා ලද කිසියම් පුපුරණ ද්‍රව්‍යයක් මෙහිදී පුපුරා යාමට ලක්ව ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ. එම පුපුරණ ද්‍රව්‍ය සහිත ඇගලුමක් ඔහු විසින් පැළඳගෙන සිටි බවටද වාර්තා පළවී තිබෙනවා. 43 හැවිරිදි මෙම පුද්ගලයා Dandenong පදිංචි හිටපු යුධ හමුදා සෙබළෙකු බවටයි තහවුරු කරගෙන ඇත්තේ. බෝම්බ නිෂ්ක්‍රීය අංශ විසින් අදාළ ප්‍රදේශයට කැඳවා ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන තිබුණා. PIC / SOURCE – 7NEWS

Read More »

Cryptocurrency මිළ අඩුවී ලෝක ධනපතියන්ගේ ආදායමත් පහළ බසී

Cryptocurrency මිළ ගණන් පහළ යාම හමුවේ ලොව අංක එකේ ධනවතුන් සියලුදෙනාගේ පාහේ වත්කම් පසුගිය සතියේදී අඩුවී ඇතැයි අනාවරණය වනවා. බ්ලූම්බර්ග් වෙබ් අඩවියට අනුව පහත දැක්වෙන පරිදි ආදායම් අඩුවී තිබේ. Elon Musk lost US$12.5 billion ($17.41 billion), Jeff Bezos lost US$9.17 billion ($12.78 billion) Facebook – now Meta – CEO Mark Zuckerberg lost US$4.86 billion ($6.77 billion) පසුගිය සතියේදී Bitcoin මිළ අගයන් සියයට 50 කින් පමණ අඩුවී ඇති බවද සඳහන්. https://www.9news.com.au/technology/worlds-richest-men-lose-billions-as-crypto-tanks/04a503f9-dcf9-4b5e-9973-c30f24155716

Read More »

ශ්‍රී ලාංකික ද්‍රවිඩ පවුලට අධිකරණයෙන් සහනයක්

ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික පවුලට තවදුරටත් bridging visas සඳහා අයදුම් කිරීම වළක්වමින් සංක්‍රමණ අමාත්‍ය Alex Hawke විසින් නිකුත් කල නියෝගය නීති විරෝධි බවට Federal Circuit Court අධිකරණය විසින් අද නියම කර තිබෙනවා. මේ අනුව Biloela family නමින් ජනප්‍රිය මෙම පවුලට තවදුරටත් ඔස්ටේ්‍රලියාව තුළ රැඳී සිටීම සඳහා අවසර හිමිවනු ඇති. කෙසේවෙතත් දැනට පැවැත්වෙන නඩු විභාගය අවසානයේදී මෙම පවුල යළිත් ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරෙනු ඇති බවටයි ඔවුන්ගේ නීතීඥයන් අද පැවති නඩු විභාගයේදී තර්ක කර තිබුණේ.

Read More »

ක්ලියෝ ස්මිත් පැහැරගැනීමේ ප්‍රධාන සැකකරුට, පොලිස් නිළධාරියෙකුට පහරදීමේ චෝදනාවක්

මීට සති කිහිපයකට පෙර ක්ලියෝ ස්මිත් දැරය පැහැරගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන Terence Darrell Kelly ට, පොලිස් නිළධාරියෙකුට පහරදීමේ චෝදනාවක්ද එල්ල වී තිබෙනවා. ඒ අනුව ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පර්ත් වාර්තා සඳහන් කලේ. සැකකරු වීඩියෝ තාක්ෂණය යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද බටහිර ඔස්ටේ්‍රලියා වාර්තා කියාසිටියා. ක්ලියෝ ස්මිත් දැරිය පැහැරගැනීමේ චෝදනාවට අමතරව පොලිස් නිළධාරියෙකුට පහරදීමට තැත් කිරීමේ චෝදනාවට ද මොහුට එරෙහිව නඩු පැවරෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ. https://www.abc.net.au/news/2022-01-24/cleo-smith-alleged-abductor-terence-kelly-due-back-in-wa-court/100766224

Read More »