මෙල්බන් Hallam ප්‍රදේශයේදී මෝටර් රථයක පිපිරීමකින් පුද්ගලයෙකු මරුට – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බන් Hallam ප්‍රදේශයේදී මෝටර් රථයක පිපිරීමකින් පුද්ගලයෙකු මරුට

මෙල්බන් Hallam ප්‍රදේශයේදී මෝටර් රථයක පිපිරීමකින් පුද්ගලයෙකු මරුට

මෙල්බන් Hallam ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

නිවසේදී සකස් කරගන්නා ලද කිසියම් පුපුරණ ද්‍රව්‍යයක් මෙහිදී පුපුරා යාමට ලක්ව ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

එම පුපුරණ ද්‍රව්‍ය සහිත ඇගලුමක් ඔහු විසින් පැළඳගෙන සිටි බවටද වාර්තා පළවී තිබෙනවා.

43 හැවිරිදි මෙම පුද්ගලයා Dandenong පදිංචි හිටපු යුධ හමුදා සෙබළෙකු බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

බෝම්බ නිෂ්ක්‍රීය අංශ විසින් අදාළ ප්‍රදේශයට කැඳවා ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන තිබුණා.

PIC / SOURCE – 7NEWS

COMMENTS