Day: January 24, 2022

වික්ටෝරියා මාරක රිය අනතුරු 03 ගුණයකින් ඉහළට

මාර්ග නීති කඩ කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා වික්ටෝරියා පොලිසියට තවත් පහසුකම් ලබාදී තිබෙනවා. රියදුරු බලපත් නොමැති පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් – සොරකම් කරන ලද වාහනවල ගමන් කරන පුද්ගලයන් හඳුනාගැනීමටත් මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති. මේ අනුව අධිවේගී මාර්ග මුර සංචාර මෝටර් රථ 200 ක් සඳහා ANPR හෙවත් වාහන අංකය හඳුනාගැනීමේ තාක්ෂණය අන්තර්ගත කර ඇති බවයි වික්ටෝරියා පොලිසිය කියාසිටියේ. මෙම තාක්ෂණය වික්ටෝරියා පොලිසිය විසින් පළමුවරට හඳුන්වාදෙනු ලැබුවේ 2019 වසරේදීයි. ඒ අනුව වසරකට වාහන මිලියන 45

Read More »

වික්ටෝරියා රැකියා අපේක්ෂිතයන්ට සුපිරි වෙළඳසැල් රැකියා

වික්ටෝරියා ප්‍රාන්තයේ රැකියා අපේක්ෂිතයන් (job seekers) සුපිරි වෙළඳසැල් රැකියා සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පැවසුවේ සේවක හිගය මග හරවා සැපයුම් අඩාල නොවන ලෙස පවත්වාගෙන යාම එහි අරමුණ බවයි. මේ අනුව Coles, Woolworths – Aldi යන සුපිරි වෙළඳසැල්වල පවතින පුරප්පාඩු සඳහා අදාළ රැකියා අපේක්ෂිතයන් යොමු කෙරෙනු ඇති. දැනටමත් මේ සඳහා රැකියා අපේක්ෂිතයන් 2000 කට වැඩි පිරිසක් යොමුකර අවසන් බව සඳහන්. සුපිරි වෙළඳසැල් තුළ පවතින සියලුම වර්ගයේ රැකියා පුරප්පාඩු සඳහායි ඔවුන්

Read More »

මෙල්බන් කොවිඩ් මධ්‍යස්ථානයකින් රැපිඩ් කට්ටල 1400 ක් සොරකම් කල 02 ක් අල්ලයි

මෙල්බන් නගරයේ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයකින් රැපිඩ් ඇන්ටිජන් කට්ටල 1400 ක් සොරකම් කල එහි සේවකයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 19 හැවිරිදි තරුණයෙකු සහ 23 හැවිරිදි අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. සියලුම රැපිඩ් කට්ටල තොගය සොයාගැනීමට හැකි වු බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ. මේ අතර ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 60 කට වැඩි පිරිසකට අද සිට නොමිළයේ රැපිඩ් කට්ටල ලබාගැනීමේ අවස්ථාව උදා වනවා. ඒ අනුව වරප්‍රසාද කාඩ්පත් හිමි පුද්ගලයන්ට ඉදිරි මාස 03 තුළදී කට්ටල 10

Read More »

අගමැති මොරිසන්ගේ WeChat ගිණුම Block වෙයි

අගමැති ස්කොට් මොරිසන්ගේ WeChat ගිණුම අවහිර වී තිබෙනවා. එය මේ වනවිට චීන කොමියුනිස්ට් හිතවාදී පණිවිඩ නිකුත් කරමින් ඇති බව සඳහන්. මෙම ගිණුමේ පරිශීලකයන් 76,000 කට ආසන්න පිරිසක් සිටින අතර චීන භාෂාව කථා කරන ඔස්ටේ්‍රලියානුවන් වෙත පණිවිඩ ගෙන යාමේ ප්‍රධාන සමාජ ජාලය ලෙසයි සැළකුණේ. මේ වනවිට ගිණුමේ පාලනය නැවතත් ලබාගැනීම සඳහා අගමැති කාර්යාල නිළධාරීන් විසින් චීන සමාජ ජාල අංශ සමග සම්බන්ධ වෙමින් සිටින බවද වාර්තා වනවා. WeChat යනු චීන කොමියුනිස්ට් පක්ෂය විසින් නිරතුරුවම නිරීක්ෂණය කරමින් පාලනය

Read More »

තවත් ඇෆ්ඝන් ජාතිකයන් 15,000 කට ඔස්ටේ්‍රලියා වීසා

මානුෂීය සහ වැඩසටහන යටතේ ඉදිරි වසර 04 තුළදී තවත් ඇෆ්ඝන් ජාතිකයන් 15,000 කට වීසා බලපත් නිකුත් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. සංක්‍රමණ අමාත්‍ය Alex Hawke පැවසුවේ ඉන් 10,000 ක් මානුෂීය පදනමින්ද 5,000 ක් යටතේද නිකුත් කෙරෙන බවය. තලේබාන් පාලනය යළි ආරම්භවීමත් සමග ඇෆ්ඝනිස්ථානයෙන් ලැබෙන වීසා අයදුම්පත් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. ගතවූ මාස කිහිපය තුළදි පුද්ගලයන් 145,000 ක් වෙනුවෙන් අයදුම්පත්‍ර 32,500 ක් පමණ ලැබී ඇති බවද සංක්‍රමණ අමාත්‍යවරයා කියාසිටියා. පසුගිය අගෝස්තු මාසයේදීත්

Read More »