
අගමැති ස්කොට් මොරිසන්ගේ WeChat ගිණුම අවහිර වී තිබෙනවා.
එය මේ වනවිට චීන කොමියුනිස්ට් හිතවාදී පණිවිඩ නිකුත් කරමින් ඇති බව සඳහන්.
මෙම ගිණුමේ පරිශීලකයන් 76,000 කට ආසන්න පිරිසක් සිටින අතර චීන භාෂාව කථා කරන ඔස්ටේ්‍රලියානුවන් වෙත පණිවිඩ ගෙන යාමේ ප්‍රධාන සමාජ ජාලය ලෙසයි සැළකුණේ.

මේ වනවිට ගිණුමේ පාලනය නැවතත් ලබාගැනීම සඳහා අගමැති කාර්යාල නිළධාරීන් විසින් චීන සමාජ ජාල අංශ සමග සම්බන්ධ වෙමින් සිටින බවද වාර්තා වනවා.
WeChat යනු චීන කොමියුනිස්ට් පක්ෂය විසින් නිරතුරුවම නිරීක්ෂණය කරමින් පාලනය කරන සමාජ ජාල ඇප්ලිකේෂනයක්.

PIC -2GB
COMMENTS