වික්ටෝරියා මාරක රිය අනතුරු 03 ගුණයකින් ඉහළට – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා මාරක රිය අනතුරු 03 ගුණයකින් ඉහළට

වික්ටෝරියා මාරක රිය අනතුරු 03 ගුණයකින් ඉහළට

මාර්ග නීති කඩ කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා වික්ටෝරියා පොලිසියට තවත් පහසුකම් ලබාදී තිබෙනවා.

රියදුරු බලපත් නොමැති පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් – සොරකම් කරන ලද වාහනවල ගමන් කරන පුද්ගලයන් හඳුනාගැනීමටත් මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති.

මේ අනුව අධිවේගී මාර්ග මුර සංචාර මෝටර් රථ 200 ක් සඳහා ANPR හෙවත් වාහන අංකය හඳුනාගැනීමේ තාක්ෂණය අන්තර්ගත කර ඇති බවයි වික්ටෝරියා පොලිසිය කියාසිටියේ.

මෙම තාක්ෂණය වික්ටෝරියා පොලිසිය විසින් පළමුවරට හඳුන්වාදෙනු ලැබුවේ 2019 වසරේදීයි.

ඒ අනුව වසරකට වාහන මිලියන 45 ක් පමණ පරීක්ෂා කිරීම සිදුවනවා.

මෙම වසරේ මුල් දින 23 තුළදී පමණක් වික්ටෝරියා ප්‍රාන්තයේ රිය අනතුරු හමුවේ පුද්ගල මරණ 19 ක් සටහන්වන අතර එය පසුගිය වසර හා සැසඳීමේදී 03 ගුණයක ඉහළයාමක්.

https://www.9news.com.au/national/victorias-road-toll-spikes-as-police-get-technology-boost-to-monitor-drivers/d23a7f02-b71c-4206-864c-080a25b14d2b

COMMENTS