මෙල්බන් කොවිඩ් මධ්‍යස්ථානයකින් රැපිඩ් කට්ටල 1400 ක් සොරකම් කල 02 ක් අල්ලයි

මෙල්බන් නගරයේ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයකින් රැපිඩ් ඇන්ටිජන් කට්ටල 1400 ක් සොරකම් කල එහි සේවකයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

19 හැවිරිදි තරුණයෙකු සහ 23 හැවිරිදි අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සියලුම රැපිඩ් කට්ටල තොගය සොයාගැනීමට හැකි වු බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

මේ අතර ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 60 කට වැඩි පිරිසකට අද සිට නොමිළයේ රැපිඩ් කට්ටල ලබාගැනීමේ අවස්ථාව උදා වනවා.

ඒ අනුව වරප්‍රසාද කාඩ්පත් හිමි පුද්ගලයන්ට ඉදිරි මාස 03 තුළදී කට්ටල 10 ක් බැගින් ලබාගැනීමට හැකිවනු ඇති.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »