වික්ටෝරියා රැකියා අපේක්ෂිතයන්ට සුපිරි වෙළඳසැල් රැකියා

වික්ටෝරියා ප්‍රාන්තයේ රැකියා අපේක්ෂිතයන් (job seekers) සුපිරි වෙළඳසැල් රැකියා සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පැවසුවේ සේවක හිගය මග හරවා සැපයුම් අඩාල නොවන ලෙස පවත්වාගෙන යාම එහි අරමුණ බවයි.

මේ අනුව Coles, Woolworths – Aldi යන සුපිරි වෙළඳසැල්වල පවතින පුරප්පාඩු සඳහා අදාළ රැකියා අපේක්ෂිතයන් යොමු කෙරෙනු ඇති.

දැනටමත් මේ සඳහා රැකියා අපේක්ෂිතයන් 2000 කට වැඩි පිරිසක් යොමුකර අවසන් බව සඳහන්.

සුපිරි වෙළඳසැල් තුළ පවතින සියලුම වර්ගයේ රැකියා පුරප්පාඩු සඳහායි ඔවුන් යොමුකිරීමට නියමිතව ඇත්තේ.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-coronavirus-updates-latest-omicron-headlines-january-24-2022/9bd05d34-c9f4-4e7c-aa1f-dc1d8149536f#post=ccf601ed-6124-4567-ab1b-02e0747f0252

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »