Day: January 24, 2022

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 11,695ක්! NSW ප්‍රාන්තයෙන් 15,091ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 11,695ක් හමුව ඇත. මරණ 17 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 186,073කි. ඊයේ දිනයේදී (23) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 22,940ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 21,675 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1485371807066882048?s=20 නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (23) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 15,091ක් වාර්තා වි තිබේ. දැනට 2,816 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර

Read More »

නවසීලන්ත – ඔස්ටේ්‍රලියා සංචාරක බුබුළ නැවත ආරම්භ කිරීම ලබන මාසය අග දක්වා කල් යයි

නවසීලන්තය සමග සංචාරක බුබුළ නැවත ආරම්භ කිරීම ලබන මාසය අග දක්වා කල් දැමීමට ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා. ඒ ඔමික්‍රොන් ප්‍රභේදයේ අවධානම හේතුවෙනුයි. මෙම සංචාරක බුබුළ ආරම්භ කිරීමෙන් පසු නිරෝධායනයකින් තොරව රටවල් 02 අතර ගමන් කිරීමට ඔස්ටේ්‍රලියා – නවසීලන්ත දෙරටෙහි ජනතාවට අවස්ථාව උදාවනවා. ඊයේ අලුයම 01 සිට ඔස්ටේ්‍රලියාවට පැමිණෙන සංචාරකයන්ට රැපිඩ් පරීක්ෂණ ප්‍රථිඵලය පමණක් ලබාසිටීම ප්‍රමාණවත් වනවා. එමෙන්ම විදේශයකදී කොවිඩ් වැළඳුණේ නම් ඔහු හෝ ඇය දින 07 ක් පමණක් හුදකලාව සිටිය යුතුයි. https://www.9news.com.au/world/coronavirus-travel-news-eu-and-us-cut-australia-from-travel-lists-as-omicron-surges/a1ddeda5-e1d7-4a38-a446-1507e3ff7db0

Read More »

වසංගතය ආරම්භයේ සිට ඔස්ටේ්‍රලියාව තබා තිබූ වාර්තාවක් බිඳ වැටේ

ඔමික්‍රොන් වෙරස් ප්‍රභේදයේ අවධානම හමුවේ ඔස්ටේ්‍රලියාවේ සංචාරය කිරීමේදී විමසිලිමත් වන ලෙස අමෙරිකාව සහ යුරෝපා සංගමය විසින් සිය රටවැසියන්ට දැනුම් දී තිබෙනවා. වසංගතය ආරම්භයේ සිටම යුරෝපා සංගමයේ හරිත ලැයිස්තුවේ (Green List) සිටි ඔස්ටේ්‍රලියාව මේ වනවිට එම ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය නොවන කිසිදු කරුණකට ඔස්ටේ්‍රලියාවට යාමෙන් වළකින ලෙසයි ඔවුන් උපදෙස් දී ඇත්තේ. අමෙරිකානු වසංගත පාලන මධ්‍යස්ථානය විසින් කොවිඩ් අධි අවධානම් රටවල් 22 ක් නම් කර ඇති අතර ඊට ඔස්ටේ්‍රලියාවත් ඇතුළත්. මෙම තීරණ හමුවේ සංචාරක

Read More »