Search

වරක් කොවිඩ් වැළඳුණු අයෙකුට නැවතත් වැළඳිය හැකිද ? අලුත්ම අනාවරණය මෙන්න

වරක් කොවිඩ් වැළඳුණු අයෙකුට නැවතත් කොවිඩ් වැළඳීමේ අවධානමක් ඇත්තේ සැළකිය යුතු කාලයක් ගතවීමෙන් අනතුරුව බව නවතම අධ්‍යයනයක් හෙළිකරනවා.

එන්නත්කරණයේදී හා සමානව වෛරස් ආසාධනයේදීත් සිරුර තුළ ප්‍රතිදේහ නිපදවීම ඊට හේතුව බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

එන්නත් 02 ක් ලබා පසුව ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ආසාධනය වූ අයෙකුටද 03 වන එන්නත ලබාගත් ආකාරය හා සමානව ප්‍රතිශක්තීකරණයක් නිර්මාණය වන බවයි මෙහිදී හෙළිවී ඇත්තේ.

එමගින් නැවතත් මාස 12 ක් පමණ යනතුරු ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයට ගොදුරුවීමේ අවධානමක් නොමැති බවද සඳහන්.

එක් වෛරස් ප්‍රභේදයක් ආසාධනය වීම යනු තවත් ප්‍රභේදයක් ආසාධනයෙන් වළක්වාලීමක් බවද මෙම අධ්‍යයනයේදී අනාවරණ වී තිබෙනවා.

https://www.abc.net.au/news/2022-01-18/can-you-catch-omicron-covid-twice/100750178

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »