ලැව් ගිනි තත්වයකදී වන සතුන් බේරා ගත යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක්

Australian bushfires

ලැව් ගිනි තත්වයකදී වන සතුන් බේරා ගත යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු පශූ වෛද්‍යවරුන් සහ හෙදියන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා.

2019 දෙසැම්බර් හා 2020 ජනවාරි මාසවල හටගත් දරුණු ලැව්ගිනි තත්වයේදී ලද අත්දැකීම් සැළකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එහිදී අර්ධ වශයෙන් පිළිස්සුණු වන සතුන් විශාල සංඛ්‍යාවක් මරණයෙන් ගලවා ගැනීමට නොහැකිවූයේ නිසි පුහුණුවක් නොමැතිවීම හේතුවෙන් බවටයි චෝදනා එල්ලවූයේ.

නව වැඩසටහන සඳහා ඔස්ටේ්‍රලියානු ඩොලර් මිලියන 02 ක මුදලක් වෙන් කර ඇති අතර පශූ වෛද්‍යවරුන් සහ හෙදියන් 3200 කට පමණ එම පුහුණුව ලබාදීමට නියමිතව තිබෙනවා.

2019 දෙසැම්බර් හා 2020 ජනවාරි මාසවල ඔස්ටේ්‍රලියාවේ හටගත් දරුණු ලැව්ගිනි තත්වයේදී මියගිය සමස්ත සතුන් සංඛ්‍යාව බිලියන 03 ක් පමණ වන බවටයි තක්සේරු කර ඇත්තේ.

https://www.9news.com.au/national/national-program-for-vets-on-how-to-treat-animals-with-burns-in-the-wake-of-the-2019-2020-bushfires/2b9d2c46-f6a7-4f63-bbbc-13badea7680b

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »