Day: January 15, 2022

Update: වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත කිහිපයක සුනාමි අනතුරු ඇගවීමේ අලුත්ම තත්වය

ටොංගා රාජ්‍යයට බලපෑ ප්‍රබල සුනාමි අනතුරු ඇගවීමත් සමග ඔස්ටේ්‍රලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රාන්ත කිහිපයක වෙරළාසන්න ප්‍රදේශවලටද සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ. නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් – වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්ත සඳහා එය බලාත්මකයි. එමෙන්ම Lord Howe Island – Norfolk Island හි වාසය කරන ජනතාවට වෙරළේ සිට කිලෝමීටරයක් රට තුළට ගමන් කරන ලෙස දන්වා සිටී. මේ අතර Lakes Entrance ප්‍රදේශයටද අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. ඔස්ටේ්‍රලියානු සුනාමි අනතුරු ඇගවීම් මධ්‍යස්ථානය නිකුත් කල නවතම නිවේදනය

Read More »

ටොංගා සුනාමියෙන් ඔස්ටේ්‍රලියාවට බලපෑමක් නෑ

ටොංගා දූපත් ආසන්නයේ සාගරය අභ්‍යන්තරයේ ගිණි කන්දක් පුපුරා යාමෙන් හටගත් සුනාමි රළ පහරින් ඔස්ටේ්‍රලියාවට කිසිදු බලපෑමක් නැතැයි කාළගුණ අංශ අවධාරණය කරනවා. ෆිජි ඇතුලු ආසන්නයේ පිහිටා ඇති දූපත් කිහිපයකටද මෙම සුනාමි තත්වය බලපා තිබෙනවා. නවසීලන්තයද දන්වා ඇත්තේ මෙමගින් කිසිදු සුනාමි තත්වයක් තම රටටද නොමැති බවයි. කිලෝමීටර් 20 ක පමණ වපසරියක අලු සහ දුමාරයක් නිකුත්ව ඇති බවයි වාර්තා සඳහන් කලේ. https://www.9news.com.au/world/tonga-tsunami-volcano-waves-hit-tonga-amid-tsunami-warning-following-huge-volcanic-eruption/c9cbf4d9-7413-4793-9ced-e3629f16b696 https://twitter.com/BOM_au/status/1482231702730997760?s=20

Read More »

ළමුන් එන්නත්කරණයට විරෝධය දක්වමින් සිඩ්නි නගරයේ දැවැන්ත විරෝධතාවයක්

කුඩා ළමුන් එන්නත්කරණයට විරෝධය දක්වමින් සිඩ්නි නගරයේ මේ වනවිට දැවැන්ත විරෝධතාවයක් පැවැත්වෙනවා. සිඩ්නි Prince Alfred උද්‍යානය අසලදීයි එය පැවැත්වෙන්නේ. 02 වන වරටත් වීසා ප්‍රතික්ෂේප වූ සර්බියානු ජාතික ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ගේ ආධාරකරුවන් පිරිසක්ද ඊට එක්ව සිටින බව සඳහන්. ඉතා සිමිත රටවල් කිහිපයක් පමණක් කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කර ඇති බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ. එය අනිවාර්ය කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවද ඔවුන් අවධාරණය කරනවා. https://7news.com.au/lifestyle/health-wellbeing/anti-vax-protesters-take-to-sydney-streets-as-state-records-nearly-50000-new-cases-20-deaths-c-5320937

Read More »
Australian bushfires

ලැව් ගිනි තත්වයකදී වන සතුන් බේරා ගත යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක්

ලැව් ගිනි තත්වයකදී වන සතුන් බේරා ගත යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු පශූ වෛද්‍යවරුන් සහ හෙදියන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා. 2019 දෙසැම්බර් හා 2020 ජනවාරි මාසවල හටගත් දරුණු ලැව්ගිනි තත්වයේදී ලද අත්දැකීම් සැළකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ. එහිදී අර්ධ වශයෙන් පිළිස්සුණු වන සතුන් විශාල සංඛ්‍යාවක් මරණයෙන් ගලවා ගැනීමට නොහැකිවූයේ නිසි පුහුණුවක් නොමැතිවීම හේතුවෙන් බවටයි චෝදනා එල්ලවූයේ. නව වැඩසටහන සඳහා ඔස්ටේ්‍රලියානු ඩොලර් මිලියන 02 ක මුදලක් වෙන් කර ඇති අතර පශූ වෛද්‍යවරුන් සහ

Read More »