Day: January 15, 2022

ජොකොවිච් සහ ආගමන නිළධාරීන් අතර හමුවක් අද

දෙවන වරටත් වීසා අවලංගු කෙරුණු සර්බියානු ජාතික සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් අද පෙරවරු 08 ට මෙල්බන් හිදී ආගමන නිළධාරීන් හමුවනවා. ඒ හෙට දිනයට යෙදී ඇති ඔහුගේ නඩු විභාගයට පෙරාතුවයි. ජොකොවිච් ගේ නීතීඥයන් විසින් ෆෙඩරල් අධිකරණයක් හමුවේ දෙවන වරටත් නඩුවක් පවරනු ලැබුවේ ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීම අභියෝගයට ලක් කරමිනුයි. එය ඊයේ රාත්‍රිය වනතෙක්ම අධිකරණය හමුවේ සළකා බැලුණු අතර වැඩිදුර සළකා බැලීම ඉරිදා තෙක් කල් ගියා. ලබන සඳුදා ආරම්භ වන ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට ඔහු

Read More »

සිඩ්නි – මෙල්බන් නගරවාසීන්ට රැපිඩ් කට්ටල විනාඩි 10 කදී නිවසටම

විනාඩි 10 ක් තුළදී රැපිඩ් ඇන්ටිජන් කට්ටල නිවසටම ගෙන්වා ගැනීමට සිඩ්නි සහ මෙල්බන් නගරවාසීන්ට අවස්ථාව උදාවී තිබෙනවා. ඔන්ලයින් භාණ්ඩ බෙදා හැරීමේ සේවාව හරහා දිනපතා දහවල් 12 සිට රාත්‍රී 08 දක්වා මෙලෙස රැපිඩ් කට්ටල 15 ක උපරිමයකට යටත්ව මිළදී ගත හැකි වනවා. දිනකට කට්ටල 10,000 ක් බැගින් බෙදා හැරීමයි ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ. එක් කට්ටලයක රැපිඩ් උපකරණ 02 ක් අන්තර්ගතවන අතර ඩොලර් 21 ක් ලෙස මිළ සටහන් කර තිබෙනවා. සිඩ්නි සහ මෙල්බන් නගරවල ප්‍රදේශ 35 ක

Read More »