Day: January 15, 2022

NSW සෞඛ්‍ය සේවකයන් 1000 ක් කොවිඩ් එන්නත එපා කියා රැකියාව අත්හරී

කොවිඩ් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කල නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 1000 කට ආසන්න පිරිසක් සේවයෙන් ඉවත් කර හෝ ඉල්ලා අස්වී ඇති බව නවතම වාර්තා හෙළි කරනවා. එය ප්‍රාන්තයේ සමස්ත සෞඛ්‍ය කාර්ය බලකාය වන 170,000 කින් සියයට 0.6 ක් බවයි නිවු සවුත් වේල්ස් බළධාරීන් පවසන්නේ. මේ වනවිට වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාවක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේද නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේයි. ඔමික්‍රොන් ප්‍රභේදයේ බලපෑම හමුවේ ප්‍රාන්ත අගමැතිවරයා විසින් පසුගිය දිනකදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට බූස්ටර් එන්නත ලබාගැනීමද අනිවාර්ය

Read More »

නොවැක් ජොකොවිච් මෙල්බන් හිදී ඔස්ටේ්‍රලියානු ආගමන අංශ භාරයට

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් මෙල්බන් හිදී ඔස්ටේ්‍රලියානු ආගමන අංශ භාරයට ගෙන තිබෙනවා. හෙට එනම් ඉරිදා පෙරවරු 09 යි 30 ට පැවැත්වෙන නඩු විභාගයේදි ආගමන අංශ විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කිසියම් අයුරකින් වීසා අවලංගු කිරීමට එරෙහිව ජොකොවිච් ගේ අභියාචනය ප්‍රතික්ෂේප වුවහොත් ජොකොවිච් වහා ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කෙරෙන අතර වසර 03 ක් යන තුරු නැවතත් ඔස්ටේ්‍රලියාවට පැමිණිමට අවසර හිමිවන්නේද නැහැ. ලබන සඳුදා ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය ආරම්භ වන අතර ජොකොවිච් මේ වනවිට අවස්ථා 09 කදී

Read More »

වික්ටෝරියානුවන් 100,000 ක PCR ප්‍රථිඵල නොදෙයි

පී සී ආර් පරීක්ෂණ සඳහා සහභාගී වූ වික්ටෝරියා ප්‍රාන්තවාසීන් ලක්ෂයකට ආසන්න පිරිසකට ඔවුන්ගේ ප්‍රථිඵල නොලැබෙන බවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා. එම සාම්පල දීර්ඝ කාලයකට පෙර ලබාගත් ඒවා වන බැවින් තවදුරටත් පරීක්ෂා කිරීමට සුදුසු මට්ටමක නොපවතින බවටයි සෞඛ්‍ය අංශ විසින් දන්වා ඇත්තේ. මේ බව දක්වමින් ඊයේ දිනයේදී විශාල පිරිසකට කෙටි පණිවුඩ යොමුකර තිබෙනවා. එහි දැක්වෙන්නේ රැපිඩ් පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙසත් පරීක්ෂණය සිදුකර දින 07 ක් ගතවී ඇත්නම් වහා හුදකලා වන ලෙසයි. කෙසේවෙතත් මෙලෙස කෙටි පණිවිඩ ලද ඇතැමුන්

Read More »

අද සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා ලිහිල්

අද සිට බලපැවැත්වෙන පරිදි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා ලිහිල් කර තිබෙනවා. මේ අනුව ගුවන් මගින් හෝ මහා මාර්ග ඔස්සේ ප්‍රාන්තයට පැමිණෙන ඕනෑම අයෙකු විසින් ප්‍රාන්ත සීමා බලපත්‍රයක් තබා ගැනීම අනිවාර්ය නොවනු ඇති. ජාත්‍යන්තර ගුවන් මගීන් පමණක් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ ප්‍රථිඵලය ඉදිරිපත් කල යුතු අතර දේශීය සංචාරකයන්ට පණවා තිබූ එම කොන්දේසියද ඉවත් කර තිබෙනවා. ජාත්‍යන්තර සංචාරකයන් සඳහා දැනට බලාත්මක නිරෝධායන රෙගුලාසි ඉවත් කරනුයේ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 90 ඉක්මවා යාමෙන් පසුව බවයි ප්‍රාන්ත අගමැතිනිය කියාසිටියේ. ඊයේ දිනයේදී ක්වීන්ස්ලන්ඩ්

Read More »

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 25,526ක්! NSW ප්‍රාන්තයෙන් 48,768ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 25,526ක් හමුව ඇත. මරණ 23 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 227,105 කි. ඊයේ දිනයේදී (14) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 12,669ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 23,938 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1482115752320958465?s=20 නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (14) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 48,768ක් වාර්තා වි තිබේ. දැනට 2,576 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන

Read More »