වික්ටෝරියානුවන් 100,000 ක PCR ප්‍රථිඵල නොදෙයි

පී සී ආර් පරීක්ෂණ සඳහා සහභාගී වූ වික්ටෝරියා ප්‍රාන්තවාසීන් ලක්ෂයකට ආසන්න පිරිසකට ඔවුන්ගේ ප්‍රථිඵල නොලැබෙන බවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම සාම්පල දීර්ඝ කාලයකට පෙර ලබාගත් ඒවා වන බැවින් තවදුරටත් පරීක්ෂා කිරීමට සුදුසු මට්ටමක නොපවතින බවටයි සෞඛ්‍ය අංශ විසින් දන්වා ඇත්තේ.

මේ බව දක්වමින් ඊයේ දිනයේදී විශාල පිරිසකට කෙටි පණිවුඩ යොමුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ රැපිඩ් පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙසත් පරීක්ෂණය සිදුකර දින 07 ක් ගතවී ඇත්නම් වහා හුදකලා වන ලෙසයි.

කෙසේවෙතත් මෙලෙස කෙටි පණිවිඩ ලද ඇතැමුන් පරීක්ෂණ සිදුකර ඇත්තේ ජනවාරි 05 වනදා වැනි සතියකටත් පෙර දිනවලදී වන බැවින් ඔවුන්ට සැබෑ ලෙසම කොවිඩ් වැළඳී තිබුණේද යන්න පවා තවමත් අවිනිශ්චිතයි.

කෙටි පණිවුඩ ලද ඇතැමුන් චෝදනා කර තිබුණේ ඔවුන් දින 03 ක් වැනි දීර්ඝ කාලයක් පෝලිම්වල සිට මෙම සාම්පල ලබාදුන් බවටයි.

https://www.9news.com.au/national/around-100000-victorians-told-they-will-not-get-their-pcr-test-results-from-melbourne-pathology-and-australian-clinical-labs/88ca51aa-478b-4afe-a517-ea5d37275df9

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »