නොවැක් ජොකොවිච් මෙල්බන් හිදී ඔස්ටේ්‍රලියානු ආගමන අංශ භාරයට

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් මෙල්බන් හිදී ඔස්ටේ්‍රලියානු ආගමන අංශ භාරයට ගෙන තිබෙනවා.

හෙට එනම් ඉරිදා පෙරවරු 09 යි 30 ට පැවැත්වෙන නඩු විභාගයේදි ආගමන අංශ විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කිසියම් අයුරකින් වීසා අවලංගු කිරීමට එරෙහිව ජොකොවිච් ගේ අභියාචනය ප්‍රතික්ෂේප වුවහොත් ජොකොවිච් වහා ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කෙරෙන අතර වසර 03 ක් යන තුරු නැවතත් ඔස්ටේ්‍රලියාවට පැමිණිමට අවසර හිමිවන්නේද නැහැ.

ලබන සඳුදා ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය ආරම්භ වන අතර ජොකොවිච් මේ වනවිට අවස්ථා 09 කදී එය ජයගෙන තිබෙනවා.

මෙවර තරගාවලියද ඔහු විසින් ජයගතහොත් ටෙනිස් ඉතිහාසයේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයන් වැඩිම ගණනක් එනම් ශූරතාවයන් 21 ක් දිනාගත් ලොව පළමු ක්‍රීඩකයා බවටද ඔහු පත්වනු ඇති.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »