අද සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා ලිහිල්

අද සිට බලපැවැත්වෙන පරිදි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා ලිහිල් කර තිබෙනවා.

මේ අනුව ගුවන් මගින් හෝ මහා මාර්ග ඔස්සේ ප්‍රාන්තයට පැමිණෙන ඕනෑම අයෙකු විසින් ප්‍රාන්ත සීමා බලපත්‍රයක් තබා ගැනීම අනිවාර්ය නොවනු ඇති.

ජාත්‍යන්තර ගුවන් මගීන් පමණක් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ ප්‍රථිඵලය ඉදිරිපත් කල යුතු අතර දේශීය සංචාරකයන්ට පණවා තිබූ එම කොන්දේසියද ඉවත් කර තිබෙනවා.

ජාත්‍යන්තර සංචාරකයන් සඳහා දැනට බලාත්මක නිරෝධායන රෙගුලාසි ඉවත් කරනුයේ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 90 ඉක්මවා යාමෙන් පසුව බවයි ප්‍රාන්ත අගමැතිනිය කියාසිටියේ.

ඊයේ දිනයේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 23,630 ක් වාර්තා වී තිබුණා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »