NSW සෞඛ්‍ය සේවකයන් 1000 ක් කොවිඩ් එන්නත එපා කියා රැකියාව අත්හරී

කොවිඩ් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කල නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 1000 කට ආසන්න පිරිසක් සේවයෙන් ඉවත් කර හෝ ඉල්ලා අස්වී ඇති බව නවතම වාර්තා හෙළි කරනවා.

එය ප්‍රාන්තයේ සමස්ත සෞඛ්‍ය කාර්ය බලකාය වන 170,000 කින් සියයට 0.6 ක් බවයි නිවු සවුත් වේල්ස් බළධාරීන් පවසන්නේ.

මේ වනවිට වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාවක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේද නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේයි.

ඔමික්‍රොන් ප්‍රභේදයේ බලපෑම හමුවේ ප්‍රාන්ත අගමැතිවරයා විසින් පසුගිය දිනකදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට බූස්ටර් එන්නත ලබාගැනීමද අනිවාර්ය කරනු ලැබුවා.

කෙසේවෙතත් විවිධ හේතු මත මේ දක්වා පළමු එන්නත හෝ නොගත් සෞඛ්‍ය සේවකයන් ද සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

https://7news.com.au/lifestyle/health-wellbeing/nsw-health-confirms-nearly-1000-workers-have-been-removed-from-their-duties-after-refusing-the-covid-19-vaccine-c-5320105

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »