ජොකොවිච් ට එරෙහිව තවත් පරීක්ෂණයක්

ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් ලෝක ටෙනිස් ශූර නොවැක් ජොකොවිච් ට එරෙහිව තවත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ජොකොවිච් විසින් ව්‍යාජ සංචාරක ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇත්දැයි යන්න සොයා බැලීම සඳහායි.

ජොකොවිච් ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර දින 14 සම්බන්ධයෙන් ඉදිරිපත්කළ තොරතුරු වල නිරවද්‍යතාව සමබන්ධයෙන් ඔස්ට්‍රේලියානු බලධාරීන්ට සැකයක් මතුවී ඇති බව සඳහන්.

එම සති දෙක තුළදී ස්පාඤ්ඤයේ සහ සර්බියාවේ විවිධ අවස්ථා වලට ජොකොවිච් එක්වූ බවට හැඟවෙන ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

ඔහුගේ වීසා බලපත්‍රය අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු ආගමන-විගමන නිලධාරීන් කටයුතු කලද ජොකොවිච් ට අධිකරණයෙන් සහනයක් ලැබුණා.

කෙසේවෙතත් වීසා බලපත් සම්බන්ධ අවසාන බලය පැවරී ඇත්තේ ඔස්ටේ්‍රලියානු ආගමන ඇමතිවරයාටයි.

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »