Day: January 12, 2022

Hay fever රෝගයෙන් පෙළෙන මෙල්බන්වාසීන්ට සුභ ආරංචියක්

Hay fever රෝගයෙන් පෙළෙන මෙල්බන් වාසීන්ට තොරතුරු සැපයීම සඳහා මෙල්බන් විශ්ව විද්‍යාලය විසින් නවතම ජංගම දුරකථන යෙදවුමක් එළිදක්වා තිබෙනවා. විශේෂයෙන් වායූගෝලයේ ගුණාත්මකභාවය වැනි දත්ත රැසක් එහි අන්තර්ගත වන අතර විවිධ අසාත්මිකතාවයන් වළක්වා ගැනීම සඳහා එය යොදාගත හැකියි. සෑම ඔස්ටේ්‍රලියානුවන් 05 දෙනෙකුගෙන් අයෙකුම hay fever රෝගයෙන් පෙළෙන බවටයි හඳුනාගෙන ඇත්තේ. ඉදිරි දත්ත විශ්ලේෂණ කටයුතු සඳහාද නව යෙදවුම උපයෝගී කර ගත හැකිවනු ඇති බවයි පැවසෙන්නේ. https://www.9news.com.au/national/neverbeforeseen-data-on-the-way-to-melbourne-hay-fever-sufferers-thanks-to-melbourne-university-technology/c0f07c84-ce05-474e-b992-77d1362840d1

Read More »

පළමු දිනයේදීම Service NSW ඇප්ලිකේෂනය වෙත කොවිඩ් ආසාධිතයන් 60,000 ක්

Service NSW ඇප්ලිකේෂනය හරහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රථිඵල සටහන් කිරීම ආරම්භ කර පැය කිහිපයක් තුළ 60,000 කට ආසන්න පිරිසක් කොවිඩ් ආසාධිත බව තහවරු කර තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට ඊයේ දිනය දක්වා ආසාධිතයන් බවට පත්වූ 59,599 දෙනෙකු මෙලෙස එම ප්‍රථිඵල ඇතුළත් කර ඇති බවයි නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ සඳහන් කලේ. ජනවාරි පළමුවනදා සිට සිදුකල සියලු පරීක්ෂණ ප්‍රථිඵල Service NSW ඇප්ලිකේෂනය හෝ අන්තර්ජාලය හරහා දැනුම්දීම මේ අනුව අනිවාර්ය වනවා. නිවසේදී සිදුකරන රැපිඩ් ඇන්ටිජන් ප්‍රථිඵල වාර්තා කිරීම

Read More »

අත්වැරදීමක් සිදුවූ බව ජොකොවිච් පිළිගනී

ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීම සඳහා තොරතුරු ලබාදීමේදී සිය නියෝජිතයා අතින් අත්වැරදීමක් සිදුව ඇතැයි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් අද පිළිගත්තා. සිය ඉන්ස්ටග්‍රම් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කලේ පසුගිය 16 වනදා කොවිඩ් වැළඳී ඇතැයි තහවුරුවීමෙන් පසුව වුවද මාධ්‍යවේදියෙකු සමග සම්මුඛ සාකච්ඡාවකටද එක්වූ බවයි. එමෙන්ම ඡායාරූප කිහිපයකට පවා පෙනී සිටි බවත් ඒවා සියල්ල නොකල යුතුව තිබු බවත් සුපිරි ටෙනිස් ක්‍රීඩකයා පිළිගෙන තිබෙනවා. ඔස්ටේ්‍රලියාවට පැමිණීමට දින 14 කට පෙර වෙනත් කිසිදු රටකට සංචාරය කර නැතැයි ආගමන ලියවිල්ලේ

Read More »

හොඳම Passport අතුරින් ඔස්ටේ්‍රලියාවට 07 වන ස්ථානය

විවිධ රටවල නිදහසේ සංචාරයට හැකි විදෙස් ගමන් බලපත්‍ර අතුරින් ඔස්ටේ්‍රලියාවට 07 වන ස්ථානය ලැබී තිබෙනවා. එය පසුගිය වසරට වඩා එක් ස්ථානයකින් පෙරමුණට පැමිිණීමක් වීම විශේෂත්වයක්. ජපානය සහ සිංගප්පූරුව තවදුරටත් පෙරමුණේ පසුවන අතර රටවල් 192 කට එම බලපත්‍ර මගින් නිදහසේ සංචාරය කල හැකියි. ඔස්ටේ්‍රලියානු විදෙස් ගමන් බලපත්‍රයක් හිමි අයෙකුට වීසා නොමැතිව යා හැකි රටවල් ගණන 185 ක්. මීට අනුව ශ්‍රී ලංකාව පසුවන්නේ 102 වන ස්ථානයේයි. වඩාත් නරකම ගුවන් ගමන් බලපත්‍ර හිමි රටවල් 10 අතරට දකුණු ආසියාව

Read More »