අත්වැරදීමක් සිදුවූ බව ජොකොවිච් පිළිගනී

ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීම සඳහා තොරතුරු ලබාදීමේදී සිය නියෝජිතයා අතින් අත්වැරදීමක් සිදුව ඇතැයි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් අද පිළිගත්තා.

සිය ඉන්ස්ටග්‍රම් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කලේ පසුගිය 16 වනදා කොවිඩ් වැළඳී ඇතැයි තහවුරුවීමෙන් පසුව වුවද මාධ්‍යවේදියෙකු සමග සම්මුඛ සාකච්ඡාවකටද එක්වූ බවයි.

එමෙන්ම ඡායාරූප කිහිපයකට පවා පෙනී සිටි බවත් ඒවා සියල්ල නොකල යුතුව තිබු බවත් සුපිරි ටෙනිස් ක්‍රීඩකයා පිළිගෙන තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවට පැමිණීමට දින 14 කට පෙර වෙනත් කිසිදු රටකට සංචාරය කර නැතැයි ආගමන ලියවිල්ලේ දක්වා ඇතත් ඔහු සර්බියාවේ සහ ස්පාඤ්ඤයේ සිටි බව දැක්වෙන ඡායාරූපප රැසක් මේ වනවිටත් ප්‍රසිද්ධ වී අවසන්.

එම තොරතුරු ලබාදීමේදී සිය නියෝජිතයා විසින් අත්වැරදීමක් සිදුව ඇති බවයි ජොකොවිච් කියාසිටියේ.

එන්නත්කරණයෙන් තොරව ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීම හමුවේ ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට සංක්‍රමණ අංශ පියවර ගත්තද අධිකරණය විසින් එම නියෝගය අවලංගු කරමින් තීන්දුවක් ලබාදුන්නා.

කෙසේවෙතත් වීසා ලබාගැනීම වෙනුවෙන් වැරදි තොරතුරු සැපයූ බවටද සුපිරි ටෙනිස් ක්‍රීඩකයාට චෝදනා එල්ල වී ඇති අතර එහි විමර්ශන සිදුකරමින් පවතින අතරතුරයි ජොකොවිච් අද මෙම නිවේදනය නිකුත් කලේ.

අසත්‍ය තොරතුරු සැපයූ බවට ඔස්ටේ්‍රලියානු ආගමන අංශ විසින් පිළිගතහොත් ඇතැම්විට ඔහුගේ වීසා බලපත්‍රය නැවතත් අවලංගු කිරීමේ හැකියාව ඔස්ටේ්‍රලියා සංක්‍රමණ කටයුතු අමාත්‍යවරයා සතුයි.

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »