Search

පළමු දිනයේදීම Service NSW ඇප්ලිකේෂනය වෙත කොවිඩ් ආසාධිතයන් 60,000 ක්

Service NSW ඇප්ලිකේෂනය හරහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රථිඵල සටහන් කිරීම ආරම්භ කර පැය කිහිපයක් තුළ 60,000 කට ආසන්න පිරිසක් කොවිඩ් ආසාධිත බව තහවරු කර තිබෙනවා.

ජනවාරි පළමුවනදා සිට ඊයේ දිනය දක්වා ආසාධිතයන් බවට පත්වූ 59,599 දෙනෙකු මෙලෙස එම ප්‍රථිඵල ඇතුළත් කර ඇති බවයි නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

ජනවාරි පළමුවනදා සිට සිදුකල සියලු පරීක්ෂණ ප්‍රථිඵල Service NSW ඇප්ලිකේෂනය හෝ අන්තර්ජාලය හරහා දැනුම්දීම මේ අනුව අනිවාර්ය වනවා.

නිවසේදී සිදුකරන රැපිඩ් ඇන්ටිජන් ප්‍රථිඵල වාර්තා කිරීම අනිවාර්ය කරමින් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් නව නියමයක් පණවා තිබෙනවා.

එසේ කිරීමට අපොහොසත් වන පුද්ගලයන්ට ඩොලර් 1000 ක දඩයක් පැණවෙනු ඇති.

අද සිට සතියක් සහන කාලයක් ලබාදී ඇති අතර ලබන 19 වනදා සිට දඩ පැණවීම අනිවාර්යයෙන් සිදුකරන බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිවරයා ප්‍රකාශ කලේ.

වයස අවුරුදු 16 ට වැඩි සියල්ලන් සඳහා එය අනිවාර්ය වනවා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »