Day: January 12, 2022

වික්ටෝරියා ක්ෂේත්‍ර රැසකට අද රෑ සිට බූස්ටර් අනිවාර්යයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය සේවකයන් ගණනාවකට අද මධ්‍යම රාත්‍රියේ සිට බූස්ටර් එන්නත අනිවාර්ය වනවා. ලබන පෙබරවාරි 12 වනදාට පෙර ඔවුන් එය ලබාසිටීම අනිවාර්ය වන බවයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කලේ. සෞඛ්‍ය – හදිසි සේවා – හෝටල් නිරෝධායන – ආහාර බෙදාහරින්නන් සහ ආහාර සැකසුම් සේවකයන්ද මීට අයත් වනවා. මෙතෙක් 03 වන මාත්‍රාව සඳහා සුදුසුකම් ලබා නොමැති සේවකයන් වෙතොත් ලබන මාර්තු දක්වා ඔවුන්ට ඒ සඳහා අවසර පවතිනු ඇති. මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ එන්නත්කරණ වැඩපිළිවෙලට සහය ලබාගැනීම සඳහා සෞඛ්‍ය

Read More »

ආහාර ඇතුලු සැපයුම් හිගය මගහරවන්න අගමැති මොරිසන් මැදිහත් වෙයි

ආහාර ඇතුලු සැපයුම් හිගය මගහරවාලීම වළක්වාලීම සඳහා අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට අගමැති ස්කොට් මොරිසන් තීරණය කර තිබෙනවා. විශේෂයෙන් කොවිඩ් ආශ්‍රිතයන් බවට පත්ව සිටින සුපිරි වෙළඳසැල් සේවකයන් නැවතත් සේවයට ගෙන්වා ගැනීම සඳහා නීති ලිහිල් කිරීමක් සිදුකල හැකිද යන්න එහිදී විමසා බැලීමට නියමිතයි. ආහාර බෙදා හරින සේවකයන් විශාල පිරිසක් හුදකලා කර තිබීම හමුවේ සැපයුම් අඩාලවීමත් සමග රට පුරා සුපිරි වෙළඳසැල්වල රාක්ක හිස්ව ඇති ආකාරයකුයි දක්නට ලැබෙන්නේ. පවතින තත්වය හැකි ඉක්මනින් විසඳාලීම සඳහා ජාතික කැබිනට් මණ්ඩලය හෝ රැස්වී

Read More »

PHOTOS: අඩි 06 ක වලක් යට පැයක් ගතකොට ලෝක වාර්තාවක් තැබූ මාතලේ තරුණයා

අඩි හයක ගැඹුරට මහ පොළොවේ වළක් යට වාඩිවී ලෑලි දමා වල සම්පුර්ණයෙන් පස් වසා ඒවට ගින්දර දමා පැයක පමණ කාලයක් වල යට සිටිමින් ලෝක වාර්තාවක් තැබීමට මාතලේ තරුණයෙකුට හැකිවිය. මාතලේ ගොන්ගාවිල පාර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මොහොමදු මශ්හුන් මුසාදික් නැමති මෙම තරුණයා මෙම බිහිසුණු ලෝක වාර්තාව ලබා ගත්තේය. මෙම තරුණයා ඉන්දියාවේ ලෝක වාර්තා කමිටුවක සහයෝගය ලබාගෙන රටවල් 27ක ලෝක කමිටු සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ආයතනයේ අධීක්ෂණය යටතේ පැයක පමණ කාලයක් මේ ආකාරයෙන් වල යට රැඳී සිටිමින් තම

Read More »

ගතවූ දින 07 දී කොවිඩ් රෝගීන් වැඩිම රටවල් අතර 02 වන තැන ඔස්ටේ්‍රලියාවට

ගතවූ සතියක කාලයේ වාර්තා වූ කොවිඩ් රෝගීන් සැළකීමේදී ආසාධිතයන් මිලියනයකට සිටින රෝගීන් වාර්තා අනුව ඔස්ටේ්‍රලියාව ලොව දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. ලොව පුරා කොවිඩ් තොරතුරු විශ්ලේෂණය කරන Our world in Data වෙබ් අඩවියට අනුව ඔස්ටේ්‍රලියාවට ඉහළින් සිටින්නේ ප්‍රංශය පමණයි. මෙරට පුද්ගලයන් ලක්ෂ 10 කට පසුගිය සතියේදී වාර්තාවූ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 3400 ක්. ඉතාලිය – මහා බි්‍රතාන්‍යය – අමෙරිකාව – කැනඩාව සහ ජර්මනිය වැනි පසුගිය වසරේදී කොවිඩ් ව්‍යාප්තිය ඉහළ මට්ටමක පැවති සෙසු රටවල් පවා සිටිනුයේ ඔස්ටේ්‍රලියාවට පිටුපසිනුයි.

Read More »