ගතවූ දින 07 දී කොවිඩ් රෝගීන් වැඩිම රටවල් අතර 02 වන තැන ඔස්ටේ්‍රලියාවට

ගතවූ සතියක කාලයේ වාර්තා වූ කොවිඩ් රෝගීන් සැළකීමේදී ආසාධිතයන් මිලියනයකට සිටින රෝගීන් වාර්තා අනුව ඔස්ටේ්‍රලියාව ලොව දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ලොව පුරා කොවිඩ් තොරතුරු විශ්ලේෂණය කරන Our world in Data වෙබ් අඩවියට අනුව ඔස්ටේ්‍රලියාවට ඉහළින් සිටින්නේ ප්‍රංශය පමණයි.

මෙරට පුද්ගලයන් ලක්ෂ 10 කට පසුගිය සතියේදී වාර්තාවූ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 3400 ක්.

ඉතාලිය – මහා බි්‍රතාන්‍යය – අමෙරිකාව – කැනඩාව සහ ජර්මනිය වැනි පසුගිය වසරේදී කොවිඩ් ව්‍යාප්තිය ඉහළ මට්ටමක පැවති සෙසු රටවල් පවා සිටිනුයේ ඔස්ටේ්‍රලියාවට පිටුපසිනුයි.

කෙසේවෙතත් රෝහල්ගතව සිටින කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සැළකීමේදී ඔස්ටේ්‍රලියාව 05 වන ස්ථානයේයි පසුවන්නේ.

https://www.9news.com.au/national/coronavirus-case-updates-australia-world-data-shows-case-numbers-among-highest-percentage-in-world/f66952d8-3c97-4912-b6e2-955d953ecdcc

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »

වෙනස් කළ Student Visas නීති ගැන ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ පැහැදිළි කිරීමක්

Visitor Visa සහ Student Visas වෙනුවෙන් නව නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ නීති විරෝධී සහ අනවසර සංක්‍රමණ පාලනය කිරීම බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

Read More »