වික්ටෝරියා ක්ෂේත්‍ර රැසකට අද රෑ සිට බූස්ටර් අනිවාර්යයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය සේවකයන් ගණනාවකට අද මධ්‍යම රාත්‍රියේ සිට බූස්ටර් එන්නත අනිවාර්ය වනවා.

ලබන පෙබරවාරි 12 වනදාට පෙර ඔවුන් එය ලබාසිටීම අනිවාර්ය වන බවයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

සෞඛ්‍ය – හදිසි සේවා – හෝටල් නිරෝධායන – ආහාර බෙදාහරින්නන් සහ ආහාර සැකසුම් සේවකයන්ද මීට අයත් වනවා.

මෙතෙක් 03 වන මාත්‍රාව සඳහා සුදුසුකම් ලබා නොමැති සේවකයන් වෙතොත් ලබන මාර්තු දක්වා ඔවුන්ට ඒ සඳහා අවසර පවතිනු ඇති.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ එන්නත්කරණ වැඩපිළිවෙලට සහය ලබාගැනීම සඳහා සෞඛ්‍ය සිසුන් සහ විශ්‍රාමික හෙදියන් කැඳවා තිබෙනවා.

1000 කට ආසන්න පිරිසක් එලෙස තාවකාලිකව බඳවා ගැනෙන බවයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »