
ආහාර ඇතුලු සැපයුම් හිගය මගහරවාලීම වළක්වාලීම සඳහා අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට අගමැති ස්කොට් මොරිසන් තීරණය කර තිබෙනවා.
විශේෂයෙන් කොවිඩ් ආශ්‍රිතයන් බවට පත්ව සිටින සුපිරි වෙළඳසැල් සේවකයන් නැවතත් සේවයට ගෙන්වා ගැනීම සඳහා නීති ලිහිල් කිරීමක් සිදුකල හැකිද යන්න එහිදී විමසා බැලීමට නියමිතයි.
ආහාර බෙදා හරින සේවකයන් විශාල පිරිසක් හුදකලා කර තිබීම හමුවේ සැපයුම් අඩාලවීමත් සමග රට පුරා සුපිරි වෙළඳසැල්වල රාක්ක හිස්ව ඇති ආකාරයකුයි දක්නට ලැබෙන්නේ.

පවතින තත්වය හැකි ඉක්මනින් විසඳාලීම සඳහා ජාතික කැබිනට් මණ්ඩලය හෝ රැස්වී අවසන් තීන්දුවක් ගත යුතුව ඇතැයිද අගමැති මොරිසන් අවධාරණය කරනවා.
සැපයුම් හිගයත් සමග ආහාර – ඖෂධ – ටොයිලට් පේපර් වැනි ද්‍රව්‍ය ගණනාවකට සුපිඑි වෙළඳසැල් විසින් මිළදී ගැනීමේ සීමා පවා පණවා තිබෙනවා.
